Archive > January 2015

කියවා ඉවරයි ද ඔබ මාව

එකවර පරිච්ඡේද කිහිපයක් ද විවේක නොගෙන ඉතිරි අඩ ද ඉවසුම් නැතිව අවසානය ද අග සිට මුලට ද කියවා ඉවරයි ද ඔබ මාව

Continue reading

කාර්යාලීය මදහස

මිනී මෝරුත් දැන් රත්තරං දත් දාගෙන කොරිඩෝවල හැංගී සිට වැළඳගන්න තැත් කරන මෝර දත්වල ලේ පැහැය පෙනෙන සපා කෑ තැන් මත ටැල්කම් පුයර තට්‍ටු මතු වෙන උල් දත් නැතත් වැම්පයර බව ‍රැකෙන මේ දඩයම් පිහි මොට්ට වනු පිණිස රත්තරං දත් සිනාසෙනු පිණිස මිනී මෝරුන් ප්‍රදර්ශනයට තබනු පිණිස

Continue reading

ඉවුර දෙකක් තිබී නැත

ඉවුර දෙකක් තිබී නැත එක ඉවුර දෙකක් සේ පෙනී ඇත ගිලි ගිලී මඩ වතුර කරවටක් සිටින’තර අප නැවත හමුව සැනින් මියගොස් ඉපිද සුදු කබා අත් වැසුම් ලාගෙන අනෙක් ඉවුරෙන් මතුව ඇත කිසිවෙකුත් ගිලී නැත ඉවුරු දෙකක් නම් තිබුණේම නැත

Continue reading

ඔබද ඉමිහිරි ප්‍රේමයකි

ඒ තරම් කාලයක් ඉතිරි නැති ඉමිහිරි හදවතකි නැවත නැවතත් නැවතෙනු ඇතැයි නොසිතන එකකි ඔබද ඉමිහිරි ප්‍රේමයකි හෘද නාල අවහිර බව නොදන්නා අයෙකි

Continue reading

පැඟිරි සුවඳකි ඔබ ළඟින් හමා එන

ප්‍රේමය උරා ගත් මුවක විය දෙහි මිශ්‍ර සුවඳක් සුළං හමනා අත පමණක් හඳුනන අනිසි විට සියොළඟම පුපුරවා දමන පැඟිරි සුවඳකි ඔබ ළඟින් හමා එන පෙම්වත; ගඟබඩ වැතිරී දුහුල් සළු විසි නොකරනු සුළං එන අත මුවා කර සැඟවෙනු බැරි පාපයද-ශෝකයද දෙ අතකින් මාරු කර වැතිරීම අසීරුයි සමබරව මේ වගේ අකල් මොහොතක

Continue reading

මල සහ කොළය

අප එකට පොළොවට පතිත වන්නට නොසිටි සොවක් ඇති වෙතැයි තනිව සිතා මා සමඟ පැමිණි නන්නාදුනන මුත් එක ගසක වෙනස්ව හට ගත් හැකි නම් මා වැළඳ ගන්න දිරාපත් වීම පහසු කරන්නට

Continue reading

සැතපුම් කණුවකි මම

කඳුකරයක ඇති සැතපුම් කණුවක් මෙන් බලා සිටියෙමි පසු කර යනතෙක් එතැන එක පෙළට ගමන් කළ නොහැකි සාද තෙපුල් පැවතෙනු බැරි දුර පමණක් පෙන්වනු හැකි පොළොවට ගිලා බැස ඇති සැතපුම් කණුවකි මම නිතර ගමන් යන ඔබ නිතර පසුකර යන

Continue reading

ජීවිතය මෙතරම් උත්ප්‍රාසයක්ද

ඒ ඔක්තෝබර් 14 වැනිදාවකි. කුඩා දරුවකු පොදු රෙදි සෝදන යන්ත්‍ර ඇති තැනක තම මව සමඟය. දරුවා නොනවත්වා හඬයි. මව නොනවතින දුරකතන ඇමතුම් කිහිපයකය. ඔසවාගෙන යන සැපපහසු කූඩයල ලූ කුඩා දරුවා කුසගින්න නිසා හෝ අවධානය ලබා ගැනීමට නොනවත්වා හඬයි. මැදි වයසට ආසන්න මව අතිශය වෙහෙසකර මුහුණින් සහ කටහඬකින් යුක්තව තවමත් දුරකතන ඇමතුම්වලට පිළිතුරු සපයයි. එහෙත් මේ [...]

Continue reading

යක්ෂයන් තුළින් පැන නඟින මිනිසත්කම

මිසිසිපි ගංගාවේ දෝලනය වෙමින් තිබෙන නෞකාවකි. ස්වල්ප මීදුම අනතුරට ඔබව කැදවයි. තරප්පු පෙළ බැස ගිය තැන ලීයෙන් තැනූ තුම්හුලස් හිසක් සහ ක්‍රමයෙන් සිහින් වීගෙන යන මිනී පෙට්ටි ද්විත්වයකි. ඒ ඇතුළත සුදුමැලි මුහුණින් යුතුව හාන්සි වී සිටින මිනිසුන් දෙදෙනෙකි. හදවත පසා කළ කිරිච්චියකි. අඳුර මැදින් මතුවන සුරූපී වූත් තඹ කැ‍රැළි කෙස්සෙන් කැපී පෙනෙන්නා වූත් කෙල්ලකි. ඈ [...]

Continue reading

බේකර් වීදියේ නූතන ෂර්ලොක්

නොම්මර 221 බී, බේකර් වීදියෙන් වයලීන හඬක් ඇසෙන්නට ක්‍රමයක් නැති විටත් එතුළින් රමණීය වයලින් වාදන ඇසෙයි. හඩ්සන් මැතිණිය යටි ගිරියෙන් කෑ ගසනු ඇසෙයි. ෂර්ලොක් මිනී ඔළුවක් අතැතිව කාමරය තුළ එහා-මෙහා ඇවිදිනු පෙනෙයි. දොරවල් ඇරෙන වේගයෙන් ඒවා වැසෙනු ඇසෙයි. යුරෝපීය ඇඳුම් ඇඳගත් මහතුන් කරදරකාරී මුහුණින් 221 බී දොර‍ටුව අසලය. පැත්තෙන් වමට බෙදූ ක්‍රේල් කොණ්ඩයක් හිමි කඩවසම් [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com