Archive > February 2015

කුරුලු මිනිසාගේ ඇකඩමි සම්මාන සම්ප්‍රාප්තිය

නහය කුඩුපට්ටම් වෙන්න වෙඩි තියාගත් රිගන් තොම්සන් රෝහල් ඇදක පතබෑවී ඉන්නේ මුහුණ වැහෙන්නට වෙළුම්පටි ඔතාගෙනය. බර්ඩ් මෑන් ලෙස සුප්‍රකට සිනමා තරුවකට ඒ ආකාරයෙන් ඇත්තට වෙඩි තබා ගන්න සිදු වූයේ කුමක් හේතුවෙන්ද? සිනමාවේ උත්කර්ෂයෙන් අහසේ පියාඹමින් සිටි රිගන් පොදු සමාජය ඇතුළේ බිමට කඩා වැටෙන්නට යන බව දැනගෙන රසිකයන් වසඟ වෙතැයි සිතා ගසන තුරුම්පුව වේදිකා නාටකයකි. ඒ [...]

Continue reading

පණිවුඩයේ අකුරු 140 සංක්ෂිප්ත බව සහ ට්විටර් පරාගණය

ට්විටර් නම් ප්‍රකට අකුරු 140කි. ඒ,මයික්‍රෝ බ්ලොගින් සේවාවකි. 2006 තරම් මෑතක උපන් නිසා වයස අවුරුදු 09කි. ජැක් ඩෝසි සහ බ්ස් ස්ටෝන් ට්විටර් නිර්මාතෘ දෙපළය. අකුරු 140 ක් පුපුරුවමින් ට්විටර් බිත්තිය මත ලියන පණිවුඩය ට්විට් නමින් හඳුන්වයි. ඡායාරූප සහ සබැඳි මේ සමඟ යෙදිය හැකි අතර ඒවා ප්‍රසිද්ධ කිරීම පොදු හෝ පෞද්ගලික යන දෙවර්ගයට යටත්ව කළ හැකිය. [...]

Continue reading

භාෂාව කියන්නේ මෙවලමක් විතරයි -කත්‍යානා අමරසිංහ

ඕ ප්‍රකට පරිවර්තිකාවකි. පුවත්පත් ලේඛිකාවකි. නවකතාකාරිනියකි. මේ කත්‍යානා අමරසිංහගේ  අභිනව ග්‍රන්ථය ‘නිළි වැස්ස’ නවකතාව අරභයා කළ හෘද සංවාදයකි. ඉතිහාස කතාවක් පසුබිමේ තියාගෙන කල්පිතයක් ගොඩනැඟීම කෙතරම් අමාරුද? මං ඒ අමාරුව ගැන හිතුවේ නෑ. මට අවශ්‍ය වෙලා තිබ්බෙ මගේ හිතේ තියෙන චරිතයක් වටා කතාවක් ගොතන්න. ඒ චරිතය මම ඉස්සෙල්ල ගොඩනැඟුවා. ඒ චරිතය ගොඩනැඟීමේදී මට වුවමණා වුණා නම් [...]

Continue reading

අන්තිම සිප ගැන්ම විට

සොඳුර නාවික සැතපුම් සීයක දුරින් මම අත්හැර දැමුණු නැවක සැඟවීගෙන ගොඩබිමද-ඔබද නොපෙනෙන මාර්ගයක පිහිටන ලද යළිත් අප එකිනෙකා පසු නොකරනු ඇත සොඳුර එදා වූයේ අන්තිම සිප ගැන්ම විට

Continue reading

ප්‍රේමයද වසය

Himali N. Liyanage සමඟ ප්‍රේමයද වසය විටින් විට නියමිත මාත්‍රාවෙන් ගන්න අමතක විට බෙහෙතක් වගේ හුස්ම නාලය විවර කෙරුමට බොන

Continue reading

සිනාසී ඉවසන්න පුළුවන්ද

ගාලු පාරේ තැන් කිහිපයක් බස් නැවතුමක් ගීත රාශියක් ඇති විට මට ඔබ මතක් කරවන සිනාසී ඉවසන්න පුළුවන්ද තනිකමක් දැනෙන හැම දවසක්ම

Continue reading

හිම වැටෙන්නාක් මෙනි

උත්තරධ්‍රැවයට හිම වැටෙන්නාක් මෙනි අපේ පෙම මවිතවීමක් පවා අහිමිව එකම සීතලකින් පීඩා විඳින හිම වලසුන් නොවේ අප වැ‍ටුණු හිම බෝල එකතු කරන

Continue reading

අත් හැරෙන විට අතින් අත

වසන්තයේ මැද හමුව පමාවට කරුණු විමසනු යුතුද වසන්තයට පෙර දු‍ටුවත් අත් හැරෙන විට අතින් අත

Continue reading

හැමදේම පහළ වෙන්න පෙර

ප්‍රේමයට දිය වී ඉවර වෙන්න පුළුවන්ද සීනි කැටයක් මෙන් හිම අහුරක් මෙන් සායම් කැටයක් මෙන් එකිනෙකා තුළ සිරුරකට වෙන් වී පවතින්න පුළුවන්ද උණුසුමද සුගන්ධයද නැතිව හරියටම හැමදේම පහළ වෙන්න පෙර සේම

Continue reading

රිදෙන තැන් ඇත්තේ සිරුර ඇතුළත

හිත කොහේදැයි සොයා ගනු බැරිම විට රිදෙන තැන් ඇත්තේ සිරුර ඇතුළත සීරුම් ලේ ගැලීම් නඩත්තු කර ඉදිරිපත් කරමි අලුත් සිරුරක් ඔබට පරිහරණය පිණිස නො සොයා සිතුවිලි ගලා එන තැන නො පිරිමැද දුකින් පීඩිත තැන ඔහේ පවතිනු හැක චිරාත් කාලයක් ඔබට-මට

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com