ප්‍රේමය තැබූ තැන ප්‍රවේසම් වී හිඳීවිද පඩි කිහිපයක් බැස-නොබැස ඉහළ-පහළ
Archive > March 2015
වැරැදීමකින් උරහිසේ හැපුණු අය
අපි අතුපතර එකට වැඩී පියාඹමින් සිටින’තර වැරැදීමකින් උරහිසේ හැපුණු අය එකම රූස්ස ගස් උඩ සෙල්ලමෙන් කල් ගත කරන’තර ඔබේ ඇස් නිල් පාට වැඩි බව මගේ ඇස් තරමක් බොර පාට බව එකම මොහොතක දැක්ක අය අනතුරු ඇගවීම් නොතකමින් ගිනි වළලු වුව දැවෙතැයි නොසිතමින් උතුරටත්-බස්නාහිරටත් පියෑඹූ අය පැමිණෙමියි කියා ගිය උතුරු හුළඟට කැමැත්තෙන් හසුව හොඳින් හඳුනන කුණාටුව […]
පිහිනුම්කාර මසුන්
පිහිනුම්කාර මසුන් ඇත නිතර ගිලෙතැයි හඟවන බුබුළු නංවමින් ගැඹරට ගිලා බසින ශෝකය හට ගන්නට පෙර යළි පෙනී සිටින මත්ස්‍යයන් නොගිලෙන කුලයක බව පසුව වැටහෙන ඉවුර අසල ලී බංකුවක අසුන් ගෙන එවන් දසුනක් නැරඹිය නොහැක මට මටම ගිලෙන්නට වුවමණා විට අනෙකාව නැරඹීම තහනමක් වූ විට නියත හිංසාවක්ය පිහිනුම්කාරබව
මේසය දෙකෙලවර
අප මේසය දෙකෙලවර උනුන් සමඟ සිනාවීමට බැරිව මඟ දමා ආ යතුරු සහ දොර කවුළු ගැන යළි කතාබහ නොකරමින් වේදනාවෙන් පීඩිත රතු ඇස් මත රෝස කටු වුව නොතබමින් ඉතාම කෙටි ගමනකය අප ඒත් තවම මේසය දෙකෙලවර
අපේ පොදු සංවාද
එදිනෙදා තොරතුරු කතා කරන අපේ පොදු සංවාද ඔබේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රශ්න අහන දුරකතන ඇමතුම් සිටිමි-නිදුකිනි-දුටිමි-ඇසුවෙමි මේ වචන කොයි තරම් නීරසද ඇහෙන විට නිසරු පොළවක්ය සරු බීජ වුව පල නොදරන බඳුනක් නොව හදවතකට-සිතුවිල්ලකට වුව බිඳෙනු අවසරය මැලියම්ද-ලාටුද තැවරීම බඳුනකට ලැබෙන විට කවදාහෝ වැසි වැටෙනු ඇති බවම පැවසීම මොන තරම් අමිහිරිද-දුක්ඛිතද එදිනෙදා සිනහව කාබන් කොළ තබා […]
අප අතපසු කළ ප්‍රේමයේ දීර්ඝකාලීන නඩත්තුව
නුවමණා විට ඉගිලෙන්න ඔබ පැමිණ තටු පිරිමදින උවමනාම විට මඟ හරින දොර අගුලු වසා තද කර එන්න-පැමිණෙන්න-මේ දෙතොල් සිපගන්න මෘදු ස්වර ගයන්න-මා නින්දට පමුණුවන්න නොකියන්න ඔබේ ශෝකය රසක් සේ නොපෙරලන්න පියාසැරියක මා නොරදවන්න යතුරු ඇති තැන් පවසන්න සියලු දොරගුලු හැරලන්න යන්න-ඔබ කැමැති තැන නවතින්න මිහිරි-මී පැන් බොන්න-සඳ ඇති රැයක මත් වෙන්න පියාඹනු නොහැකි තැන බිම […]
අනල්ප වූ දිය සීරා රැස
අප සතුව තිබූ ජීවිතය එහි කටු සටහන අනල්ප වූ දිය සීරා රැස සියල්ල එක මොහොතක අතුරුදන්ව
ඒ හදිසි අනතුර
සිදු වූ අලුත ය ඒ හදිසි අනතුර ය වෙළුම් පටි එතරම් වෙළී නැත සිනාසෙන්නට හැරෙන විට ලිහී යන මැහුම් වුව ඒ තරම් සවිමත් නැත අනතුර අමතක වන්න ඉඩ නොදෙන නිතර පෑරෙන පුංචියට රතු තිත් තබන ඔබ තරම් නොවන නරකම මොහොතකට වත් ළං නොවන තරමකට
ඔබ නෙළූ මිහිරි පල
ඔබ නෙළූ මිහිරි පල තුඩඟ තබා නොතබා සුරැක කුමට මා අත තබන්නෙද හාමත්ව, පිපාසයද බලවත්ව වැලි කුණාටු බලාපොරොත්තුව කාන්තාරය හරහා යන ගමන මරණය පිණිස එ’මඟ මිරිඟුවක මිස නිල්ල නිලන ගහ කොළ මුණ නොගැසෙන ඔබ නෙළූ මිහිරි පල ඔබට මට නෙළන්නට නුවමණා සියලු පල ගස්වලට