Archive > April 2015

ඇ‍රැඹුම

කුරුල්ලන්ට අත්ත‍ටුද මලකට පෙතිද සිහිනයකට නින්දක්ද නොලැබෙනම විට කවි උපදින මල් පියළි මුහුණට වැටෙන විට උණුසුම අත් හරින්නට බැරි විට වැසි නොමැතිව වීදුරුවේ පිනි පෙනෙන විට කවි නතර වන ජීවිතය ඇරඹෙන When;Birds miss their wingsA flower sheds her petalsA dream loses its’ slumberBorn; are the poems!Once;Petals fall caressing the faceReluctant to giving up warmthDew drops [...]

Continue reading

උතුරුකුරු දිවයිනෙන් පළා යමි

උතුරුකුරු දිවයිනෙන් පළා යමි හඹා එන-නො එන යක්ෂයන් සිහි දරා අතරමඟ නැවතී බිම හෙළමි සශ්‍රීක නුවරකින් ගැලවෙමි පොකුණකින් අහසට නැ‍ඟෙන දිය නොදකිමි රන්වන් කකුළුවන් ඇස නොගැටී උතුරුකුරු දිවයිනෙන් පළා යමි මහමේරුවට නැග පෙරමඟ බලමි මිහිරි-ඉමිහිරි සැලලිහිණි නද අසා උතුරුකුරු දිවයිනම ඔබට දෙමි

Continue reading

මචං

මචං වයින් ගුදමක් ඇතුළට වැ‍ටුණා වගෙයි හැම සිංදුවකින්ම මාව මත් වෙලා තියුණු ක‍ටු දාහක් එකපාර හදවතේ ඇනිලා ලේ ගලන-කඳුළු ගලන නිමක් නැති රිදීමක් සටන් කරන්න බැරිව ද්වන්ද සටනකදි හැරිලා එන්නත් බැරිව ‘මාව මරාපං’ කියන්නද සතුරාට ඌ එහෙම මාව මරාවිද මචං වැස්සකුත් නැති-ගිනි දැවෙන රස්නෙකුත් ඇති උණුසුමට දුම් බොන්නත් බැරි හුදෙකලා සටන් තව කොච්චර තියේවිද හැම [...]

Continue reading

වෙන මොනවා කරන්නද

අපි දෙන්නා වෙන මොනවා කරන්නද හරියට ගරිල්ලා යුද්දෙකදි සතුරාගෙන් හැංගෙන්න තැන් අහන්නා වගේ මරණීය ඇරයුමක් එකිනෙකාගෙන් විමසීම හැම තැනම වෙඩි බෙහෙත් විසිරිලා ඔබ ගින්දරක් අතේ එහා-මෙහා පෙරළමින් අපි නුහුරුවට අත් අල්ලා ගන්න තැත් කරමින් දුම් බොමින් වඩාත් ඈත්ව සිටිමින් අසල්වැසියට ප්‍රේම කිරීම හැර දැල්වීම හැර සඳුන් දරක් වාගේ ඔබ සුවඳ විහිදුවන විට වෙන මොනවා කරන්නද [...]

Continue reading

කුඩා උල් ඇණ

කවි කියන්නේ කුඩා උල් ඇණ ගැසූ රීප්පයකට අන් අයකු අත තිබුණත් හීරෙන්නේ අපේ හද photo by Katia Chausheva  

Continue reading

එපා කියා බිම හැලූ දා

මැයි මාර ගස උදෑසන සුළඟේ කතාව පිළිගෙන සියයක් පෙති බිම හෙළන තාර පාරේ මැයි මාර පෙති වාහන සයිඩ් කණ්ණාඩිවල වැදී විලාප දෙන මඩ පිරුණු ටයර් යට වැළලී තප්පරෙන් මිය යන කොතෙක් ඇළීමෙන් පසුවූවද ගසකට එපා කියා බිම හැලූ දා ඇල්ම අහිමි වන

Continue reading

රජතුමනි;මේ සා වටින මැණිකක් මට මොකටද

රජතුමනි; ඔබේ ඔ‍ටුන්නෙන් ගැලැවූ නිල් මැණික අත් වැ‍රැදීමකින් සොරකම් කළෙමි දැන් දිවා-රෑ නිදි නැත ඔබද-මාණික්‍යයද මා පෙළයි ඔ‍ටුන්න යහතින් ඇතැත් මැණිකක් නැතිව දිස්නයක් නොපෙනෙනු ඇත අණබෙරකරුවකු අත පණිවුඩයක් එවන්න මඟුල් ඇතෙකු ගෙදරට එවන්න මේ සා වටින මැණිකක් මට මොකටද එන්න;ඇවිදින් ඒක අරගෙන යන්න

Continue reading

මේ සංවර සිත මගේ විය නොහැක

මේ සංවර සිත මගේ විය නොහැක සිප ගැනීම් කෝටියක් පොකුරු වැස්සක් මෙන් සියොළඟින් ගලන්නට තැත් කරන විට ආලිංගනයෙන් ඈත් වූයෙමි ගිනියම් ඔබේ සිරුර මුහුදක් උඩක මෙන් වැතිරෙන විට මා සතු සීතල ද ‍රැගෙන නිසංසලව උන්නෙමි අඩක් වැසුණු දුඹුරු කයක සිහින් තෙරපීමක් ඉවසනු හැකි දිගු ඇගිල්ලක පිරිමැදීමක් වලකනු හැකි තප්පරයකින් පංගුවක රිද්මීය චලනයක් වලකන මේ සංවර [...]

Continue reading

වැළලී ගිය ශිෂ්ටාචරයක් වාගෙයි ජීවිතය

හැඟීම් කිහිපයක් බිඳී යන විට වීදුරුවක් මෙන් ඒ මත කැමැත්තෙන් අඩිය තබන කැපී ලේ ගලන විට වේදනා නොදෙන පැල්ලම් පමණක් ඉතිරි කරන අහසට ශෝක වෙන්න නොදෙන වැහි වලාකුළු වුණත් අහසෙම හංගන වැළලී ගිය ශිෂ්ටාචරයක් වාගෙයි ජීවිතය ලේයර කිහිපයකින් යළි යළි අපව හමු වන ක‍ටු ඇනුණු තැන් සෝදා පිරිසිදු නොකර සොයා ගනු නොහැකියි ලේ ගලන තැන [...]

Continue reading

සෘතුවක හුදෙකලාව

හිම කිසි දිනෙක දියව නොයයි අන්තයට කාට හෝ අමතකව සැඟවී හිඳියි කොහේ හෝ මුල්ලක හිම පියල්ලක් සෘතුවක දිග හුදෙකලාව ඉවසමින් නොගැලපෙන ගස් සහ සුළඟ සමඟ ගැටෙමින් විරහවත් ඒ වගෙයි හැංගී හිඳියි නොගැලපෙන තැනක වුව ප්‍රේමයේ ක‍ටු තුඩුද ගලවමින්

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com