මචං

10649936_752273028166790_7476987878971432692_n

මචං
වයින් ගුදමක් ඇතුළට වැ‍ටුණා වගෙයි
හැම සිංදුවකින්ම මාව මත් වෙලා
තියුණු ක‍ටු දාහක් එකපාර හදවතේ ඇනිලා
ලේ ගලන-කඳුළු ගලන
නිමක් නැති රිදීමක්

සටන් කරන්න බැරිව
ද්වන්ද සටනකදි හැරිලා එන්නත් බැරිව
'මාව මරාපං' කියන්නද සතුරාට
ඌ එහෙම මාව මරාවිද

මචං
වැස්සකුත් නැති-ගිනි දැවෙන රස්නෙකුත් ඇති
උණුසුමට දුම් බොන්නත් බැරි
හුදෙකලා සටන් තව කොච්චර තියේවිද
හැම එකකින්ම මං පරදීවිද

ඔව් කියලා කිව්වත් නෑ කියලා කිව්වත්
හෙට උදේටත් මල් පිපේවි
ආයෙත්
මාව වයින් ගුදමක් ඇතුළට වැටේවි
විස කවපු ඊතළයක් අරං ඇවිත්
හැඬුම් එන තැන හිල් කරාවි
ආයෙ මත් වෙන්න-අඬන්න බැරි වේවි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "මචං"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com