Archive > April 2015

ගමනක පසුවීම දුෂ්කරයි ආදරයට

ගමනක පසු වීම කොයි තරම් දුෂ්කරද ආදරයට ඔබට යන්න සිදු වෙන බව දැනගන්න ලැබීම පළමු හෘදයබාධය ඇතිවීම මෙනි වීදුරුවෙන් එපිට වැහි බිඳු කිහිපයක් උඩ චිත්‍රයක් මෙන් මම වැතිරෙන අතර වීදුරුවෙන් මෙපිට රළු අත් පිස්නාවකින් වැහි බිඳු මකන ඔබේ අතැගිලි ස්පර්ෂ නොකරයි මා හිසකේ ගමනක පසු වීම අති දුෂ්කරයි ආදරයට පින්තූරය : Himali N. Liyanage

Continue reading

තනිව පිපුණු විට

පොකුරක පිපෙන්නට බෑ කියා තනිව පිපුණු විට කාන්සියට කතා කරන්නවත් කෙනෙකු නැති හැටි වැටෙන්නට යන පෙත්තක් ගැන මද ශෝකයෙන් හඬා වැටෙන්නට කෙනෙකු නැති විට මලකට වඩා කොළයක් වීම කොයි තරම් සැපතක්ද කොළ ලක්ෂයක් විතර දරන ගහක   පින්තූරයේ අයිතිය : Himali N. Liyanage

Continue reading

කිසිදා පෙම් නොකළ

ඔබට ඕනෑ ඈත දූපතකින් පාව එන්නද මලක් නොපිපෙන තැනක් ඇති බව හඟවන්නද ඒත් මදිවට කිසිදා පෙම් නොකළ බවට දිවුරන්නද

Continue reading

මහා පිපිරුම

මහා පිපිරුමක් මෙන් ප්‍රේමයද කුඩා අංශුවලට විසිරී ඇලෙන සුළු දේ පමණක් අප අවට ඉතිරිව

Continue reading

නොකියන්නෙ ඒකමයි ඔබ

ආදරය ඇවිළෙන හැම වෙලාවකම මට මතක් කරගන්න ඕනා ඔබේ මුහුණ ශතවර්ෂයක් විතර පරණ ස්පර්ෂයකට එහෙම ලේසියෙන් මතක් කරගන්න පුළුවන්ද ඒ මුහුණ මට ඔබව වැළඳගන්න බැහැ කියන වෙලාවක අමතක කරන්න ඕනා මට ආදරය කරන්නට හිතුණු හේතුව ශූන්‍යයයි අපි අතර තියෙනවයි හිතන බන්ධනය අත අත්හරින්නට හිත හදාගත් හැම වෙලාවකම ආදරෙන් වුණත් බැදෙන්න පුළුවන් බවක් පෙන්වන්නේ ඇයි ඔබ […]

Continue reading

රිදුම

තුවාලය පෑරීම නොව තුවාල කළ පිහි තුඩ දැකීමය මුවහත මදිදැයි විමසීමය අනතුර ඇති තැන ගැවසීමය

Continue reading

සිනමාවේ සයිබර් ආවේශය

සිනමාව ආලෝකයෙන් ඉපදුණේ යැයි කිවහොත් එහි වරදක් නැත. එහෙව් ආලෝකයෙන් උපන් සිනමාව දැන් වයර් සහිත-රහිත තාක්ෂණය නිසා ආලෝකයේ වේගයෙන් දියුණුවට පත්ව ඇත. දැන් දැන් අපි සයිබර් සිනමාවක් ගැනද කතා බහ කරමින් පසු වන්නෙමු. සිනමාව කර්මාන්තයක් ලෙස දියුණු වන විට සිනමාව අතත්‍ය අවකාශයක් තුළ ජනප්‍රිය වූයේ කෙසේදැයි කතාබහ කිරීම වැදගත්ය. අවම පහසුකම් යටතේ, අනුකාරකවාදීවත් පසුව ඉන් […]

Continue reading

කුරුඳුවත්තේ හැංගිච්ච අලුත් නගරය

දඩෝරි නුග ගස් දෙකක් දෙපත්තට වී කඳ-බඩ නෙරවාගෙන සිටිනු දුටිමි. එතැනින් පහළට වැටී තිබුණු හෙවණ මඟහරින්නට බැරි තරම් සනීපය. කහ ඉරෙන් පාර පැන්නෙත් වම් පැත්තේ කුරුඳුවත්ත පොලීසියයි. එහෙම නොපැන්නොත් දකුණු අත පැත්තේ සුකුමාලෙට සුදු තීන්ත ගාගත්ත ක්‍රීඩා අමාත්‍යාංශ බිල්ඩිමයි. හූවක දුරින් නවීකරණය කළ රේස් කෝස් බිල්ඩින් සමූහයයි. එහෙව් තැනක නුග ගස් දෙකක් මැද්දෙන් වැ‍ටුණු අඩි […]

Continue reading

සතු වී අන්සතු වුණාම එහෙමද

ගස් කතා නොකරයිද දැන් අපි එක්ක මල් බිම නොහෙළයිද දැන් අපිට පාගන්න සතු වී අන්සතු වුණාම එහෙමද ගස් වුණත් හැසිරෙන්නේ නුහුරටද

Continue reading

ඇබ්බැහි වෙන්න තරම්

ඇබ්බැහි වෙන්න තරම් ඇතුළු හද නොකියවූවාට ආ මෙන්න බලාගන්නැයි දොර අගුළු නො හැරියාට ඔබ මාව දන්නවා අත් හරින්නට බල කළාට

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com