Archive > April 2015

රූකඩ වුව

රූකඩ වුව රූසිරියෙන් බබළන අය වෙනම රජුන්-‍රැජිනියන් අන් අය හා මුහු නොවන වෙන වෙනම උඩ තට්‍ටුවක නැටවෙන අත්පොළසන් හඬට උදම් වී නූල අමතක කරන නුවමණා තරමට නැවෙන රාජ ඌෂ්ණය දියව යන රූකඩ වුව රජ බව මතක තබා ගත යුතු වන සිංහාසනාරූඩ අය බිමට නොබසින අත්පොළසන් වුව ගාණකට හිතට ගෙන නට නටා නැටවෙන්න උගත යුතු වන

Continue reading

කෝච්චිය වැ‍රැදෙතැයි

කෝච්චිය වැ‍රැදෙතැයි බියෙන් හැකිලුණ පෙනහැල්ලකි ඒ මිනිසා සතුව

Continue reading

හිස හැරුණු අත පියාඹන පක්ෂිය

හිස හැරුණු අත පියාඹන පක්ෂිය පරෙවිය; වසන්තය ගැන කලබල කුමට මේ පුරුදු ගස්-මල්ම එදාට වෙනත් ඇඟලුම් ඇඟලන සිනාසුණ අය ඔරවන හඬ හඬා හුන් අය බීතව මල් නෙලන තොපට සන්සුන්ව ඉනු ඇහැක හිතුමතේ පොරි විසි කරන අය එනු නියත එළිමහනට කකුල් වන වනා ලී බංකු උඩ උන්ගේ පෙම් කතා අසා සිටියැකි තොපට එම්බා පක්ෂිය, පරෙවිය; වසන්තය […]

Continue reading

තුති

කාන්තාරය සදාහරිත වනාන්තරයක් කළාට තුති කුරුලු කූජන නිලන ගහ කොළ මේ ගෙනෙන ප්‍රීතිය ඇහැට ඇගිල්ලෙන් අනින විහිලු කතාවක් මෙන් පරිමාව දරනු බැරිව උතුරා යනවා දැනෙනවා මට දැන් බැරිද සදාහරිත වනාන්තර කාන්තාරයක් කරන්න දූවිලි කුණා‍ටුවලින් ඇස් තුවාල කරන්න මිරිඟුවක් පෙන්වා ඒ පසුපස දුවවන්න හැතැප්ම සීයක දුරින් ඇත්ත ගහක් හිටවන්න මේ උතුරන ප්‍රීතියෙන් ඇද කම්බි ක‍ටුවක් උඩට […]

Continue reading

සිටි තැන් මිස

ඔබ සිටි තැන් මිස සිටින තැන් නොපෙනෙන විට දුම් රො‍ටුවක් මෙනි ඒ මොහොතත්-මේ මොහොතත්

Continue reading

උණුසුම් අත්ලක්

සිහිනයක් දැක අවදි වුණෙමි උණුසුම් අත්ලක් අත්ල උඩ තිබුණි දහවල මහා ග්‍රීෂ්මයෙන් දැවෙන්නෙමි ඔබ පැමිණියේ ඇතුළතින් බව සිතන්නෙමි කඩදාසියක් පෙම්පතක් නොවන විට තැවෙන්නෙමි රිදෙන තැන් ඇල්පෙනෙති තුඩු මෙන් සිඹින්නෙමි

Continue reading

මගේ උද්‍යානයෙන් මල් නො ඉල්ලන්න

මිතුරනි; මගේ උද්‍යානයෙන් මල් නො ඉල්ලන්න ඇති තරම් සොරකම් කරන්න ගස් වුණත් උගුල්ලාගෙන යන්න මල් ආරුක්කු කඩා බිඳ දමන්න ඒ වෙනුවට රුවල්-තිර රෙදි ගෙනැත් එල්ලන්න සමනලුන්ගේ ත‍ටු කඩා දමන්න හය-හත් දෙනා බෝතල්ගත කර ‍රැගෙන යන්න සිනාමුසු මුහුණින් මගේ උද්‍යානය කුඩුපට්ටම් කරන්න මේ අයිතිවීමේ ප්‍රීතියෙන් මා වෙන් කරන්න මිතුරනි; එන්න මගේ උද්‍යානය බංකොලොත් කරන්න මට වෙනත් […]

Continue reading

මුහුදෙන් බිමට වැටෙන තැන

තවත් කොතෙක් දේ තිබුණාද කහට පැල්ලම් මෙන් මකා දමන්නට සුදුසු දත් හිරිවට්ටන සීත වතුර මෙන් නොබී ඉන්නම සුදුසු තවත් කොතෙක් දේ හට ගනු ඇතිද සිදු නොවුණා සේ හැසිරෙන්නට වන මේ නවතින තැන අපේ ප්‍රේමය මුහුදෙන් බිමට වැටෙන තැන

Continue reading

ප්‍රේමයේ පටලවැලි

යාබද අසුන්වල නාදුනන කවි තිබුණත් හැතැප්ම ගණන් දුර තැන්වල හඳුනන කවි තිබුණත් ප්‍රේමයේ පටලවැලි එහෙමමයි තාමත් වැළඳ ගනු බැරි වුණත් හොයන්නෙම ඔබවමයි

Continue reading

හැපුණෙත් කන්දක

හැපුණෙත් කන්දක පාඩුවේ වැඩක් බලාගෙන සිටි වැ‍ටුණෙත් තාරුකා එළි ඉස්සරම දවසක කවුදෝ තෑගි දී කන්ද මුදුනෙම හංගාන හිඳි

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com