රේඩියෝව ළඟ ඉදගෙන දුම් දමන කෝපි කෝප්පය කම්මුලට තියාගෙන මම ඉන්නකොට; ඔබට නින්දක් තියෙනවද කොයිතරම් ඈත හිටියත් කොයිතරම් කල් ගෙවුණත් කම්මුලක සිපුම් පහරක් මැකෙනවද පින්තූරය : A L E X A N D E R . S Y C H E V
Archive > May 2015
රළු අතක් වුව
ඉමිහිරි නැත තනිව කඳුළු පිසලීම රළු අතක් වුව කම්මුලක ගැටෙන විට ආදරය ඇති නොවූවත් තවත් හඬන්නට දිරි ලැබෙන
කිරිගරුඬ පිළිමය
අපට නිමවන්නට බැරි වූ කිරිගරුඬ පිළිමය ඉතා දිගු ඇහි බැම මීදුමක් ඇවිත් යන්නාක් මෙන් වසා ගනී දුර්වල හදවත කිවිසුමක මතකයක් මෙන් ප්‍රේමය ඉහිරෙයි කැපී වෙන්වුණ ඇඟිලි තුඩු යටින් කුඩා ශල්‍යකර්මයක් මෙය කෙටි මතකයක් මකා දමන්නට කරන කිරිගරුඬ පිළිම සහ කහ මල් පියළි වැටුණු පෙත් මඟ කෙසඟ මුත් මහත් උණුසුමක් හිමි ඔබේ උරහිස නවතින්න පෙර යළි […]
අජීවී දේ පමණක්
අජීවී දේ පමණක් පාළුවෙන් තැබූ තැන්වල සෙලවෙන්නේවත් නැතිව සේයාරුව : M A R I O • S A N C H E Z • N E V A D O
ආදර පැමිණිලි
ඊයේ ගසක පිපී තිබුණු පොහොට්ටුවක් අද අතුරුදන්ව පැමිණිලි ආදර පැමිණිලි කිසි තැනක ලියන්නට අවසර නුදුන්න යන බව කියන්නට අමතකව ගිය සුපුෂ්පිත ඔබ ඈත වීදි කොණකින් මෑත ලී දොරකින් කලබලෙන් දොර ඇරෙන මෝටර් රථයකින් මතු වනු ඇතැයි සිතාගෙන වැරැදි තැන මඟ බලමි මඟ ඇරෙන බව දැන දැනම මඟ බලමි මගේ ඇස් ඇතුළත නොගිලෙන දීප්තිය නිවී යන […]
අල්ලා ගන්න ඉඩ හැර
අල්ලා ගන්න ඉඩ හැර හැකිලී අමනාපය පෙන්වන නිදිකුම්බා මල් මත තබා ගිය සලකුණ බර වැඩි විට ඔබට තවත් දුක ඉතිරිද?
අවුන්සයක් තරම් හේතුවක්
මුලින් ඉදිරී වැටුණු දාස්පෙතියා ගස් වුව එක සේ දුක්බරය වනස්පති නුග ගස් තරමට සුළඟ නොව කාරණය අනෝරා වැස්ස නොව කාරණය මලක පෙත්තක් වැටීමක් සපත්තුවකට කොළයක් තැලීමක් මුහුණ තෙමාගන්නට වතුර බින්දුවක් නොලැබීම සෑම විට ලොකු-කුඩා ගස්වල මරණයට අවුන්සයක් තරම් හේතුවක් මුල් වන සේයාරුව : K Y L L I • S P A R R E
පෙම්වත;ඔබ නිදොස්ය නිදහස්ය
මම සයුරක පැටලී උන්නෙමි උස්-පහත් වන රළ අතර රිද්මයට උස්-පහත් වෙමින් දියඹට ළඟා වෙමින් වඩදියද-බාදියද ඉවසුවෙමි කාලයකට මතු වන විශාල ගල් පරයක් අසල මට්ටි රැසක්ද නම නොදන්නා මාළු අහිනක්ද හඳුනා ගතිමි සුසුඳු වුව පෙණ පිඩු චණ්ඩව මා විසි කර දැමූ දිනද මතකයේ තබා ගතිමි රළ-රළ නැළවිල්ලක ඉඳහිට දවසක පසුවුනෙමි පැටලුම් හරින්නට පෙර නැවක,බඳක,තදින් හැප්පුනෙමි බේරා […]
ආදරයෙන් නතර වීම මෙතරම් අසීරු කළාට
මිහිරිම ඵල මඟ හැර ඒ ඔබට නෙලන්නට ඉඩහැර ඇඹුල-නීරස මිටියාවතක තුරක-අත්තක ඇති යමක් පිරික්සමි ගඟද-සාරවත් ඊතණ පඳුරද ඔබට දී මිරිඟුවද-සාංකාවද ඉල්ලා ගමි ආදරය උගන්වන අනුවණකම් වගා කර මිහිරි පැළ තවාන් රැක බලා ගමි නිශ්චිතම මොහොතක ඔබට මා කවුදැයි මතක නැති බව සැක හැර දැනගතිමි කිසිම දවසක කාගේවත්ම කවුරුවත්ම නොවුණ බව හැඟව්වාට; ආදරයෙන් නතර වීම මෙතරම් […]
දිය සුළිය ඇති තැන
කිහිප විට දිය සුළිය ඇති තැන සිහිසුන් වන තෙක් ගසාගෙන ගොස් ඇති විට කෘත්‍රිම ශ්වසවයෙන් එකිනෙකා ජීවත් කළ විට නොගැඹුරු ගංගාවක එහෙත් ඉවුරක පා පැකිලී මිය යා යුතුද අප