මම සයුරක පැටලී උන්නෙමි
උස්-පහත් වන රළ අතර
රිද්මයට උස්-පහත් වෙමින්
දියඹට ළඟා වෙමින්
වඩදියද-බාදියද ඉවසුවෙමි
කාලයකට මතු වන විශාල ගල් පරයක් අසල
මට්ටි රැසක්ද
නම නොදන්නා මාළු අහිනක්ද
හඳුනා ගතිමි
සුසුඳු වුව පෙණ පිඩු
චණ්ඩව මා විසි කර දැමූ දිනද
මතකයේ තබා ගතිමි
රළ-රළ නැළවිල්ලක
ඉඳහිට දවසක පසුවුනෙමි
පැටලුම් හරින්නට පෙර
නැවක,බඳක,තදින් හැප්පුනෙමි
බේරා ගන්න-රිඳුම් පිරිමඳින්න
සයුරද-රළ රැළිද-මාළු හෝ මට්ටි
නොපැමිණියෙන්
ගිලෙන්නට තීරණය කළෙමි
පෙම්වත;
රළ
මා ගිලගත්තේ නැත
ඒ නැවක බඳ
මට ගිලෙන්නට බල කළ
ඔබ නිදොස්ය; නිදහස්ය;
මේ අකල් මරණයෙන්.
සේයාරුව : N A P I E • M O K S I N
ප්රතිචාර
Powered by Facebook Comments
One Comment on "පෙම්වත;ඔබ නිදොස්ය නිදහස්ය"
Trackbacks
[...] පෙම්වත;ඔබ නිදොස්ය නිදහස්ය [...]