අපට නිමවන්නට බැරි වූ
කිරිගරුඬ පිළිමය
ඉතා දිගු ඇහි බැම
මීදුමක් ඇවිත් යන්නාක් මෙන්
වසා ගනී දුර්වල හදවත
කිවිසුමක මතකයක් මෙන්
ප්‍රේමය ඉහිරෙයි කැපී වෙන්වුණ
ඇඟිලි තුඩු යටින්
කුඩා ශල්‍යකර්මයක් මෙය
කෙටි මතකයක් මකා දමන්නට කරන
කිරිගරුඬ පිළිම සහ
කහ මල් පියළි වැටුණු පෙත් මඟ
කෙසඟ මුත් මහත් උණුසුමක් හිමි
ඔබේ උරහිස
නවතින්න පෙර යළි හැරී නොබලන
ඉතාම දුර්වල හදවතකි එය
සේයාරුව : L E S Z E K • B U J N O W S K I1
ප්‍රතිචාර
Powered by Facebook Comments
One Comment on "කිරිගරුඬ පිළිමය"
Trackbacks
[...] කිරිගරුඬ පිළිමය [...]