ඒ රතු වයලීනය පණ ඇති යමකි. පරම්පරා ගණනාවක් අතින්, අතට මාරු වෙමින් නොනැසී පැවතියේය. නිකලෝ බුසොටි අතින් සෑදුණු අන්තිම වයලීන ඒ වූයේ ස්වකීය බිරියගේ ලේ මිශ්‍ර කොට පින්තාරු කළ හෙයිනි. වයලීන සකසන්නෙකු වූ නිකලෝ බුසොටි ගේ බිරිය ගැබ්බරිනි. ඈ ඇනා රුඩොල්ෆි ය. මැදි වයසේ හෙයින් දරු ප්‍රසූතිය ගැන බියෙනි. මෙහෙකාරියක වූ සෙසා තම ස්වාමි දුවගේ […]
Archive > June 2015
අප දෙදෙන පමණක්ම
එකිනෙකා වෙත උමතු වීමට පෙර ගිවිසුම් කඩ කළ යුතුද පා මුදු ලිහිල් කළ යුතුද තදින් සිපගත් උරහිස සෙමින් අල්ලා හුන් අත්ලද දියට අත් හළ යුතුද වසන්තයෙන් ගිම්හානයට මාරු වන්නක් මෙන් සියල්ල වෙනස් කළ යුතුද උමතු වන්නේ යළිත් අප දෙදෙන සෘතුවක්-උරහිසක්-කොපුලතක් නොව අප දෙදෙන වෙනත් දෙදෙනෙකු වෙතය
කවි බසෙන් තොරව
ගැස්සුනොත් හදවත නතර වෙන ප්‍රේමයෙත් එහෙම අවදියක් තිබෙන දැන් හෘද නාලිකා කිහිපයක් අවහිරව කවි බසෙන් තොරව හදවත නතර වෙන්න යන ‘වෙලාවක් නෑ’ කෙටි පිළිතුරක් ලැබෙන එදාමයි නතර වෙන්න තිබුණේ හදවත
මුහුද විතරක්
අප අතර පෙනෙන-නොපෙනෙන තැන්වල අන් අය සිටගෙන හිසට උඩින් එබී සිනාසෙන හැටි-කඳුළක් වැටෙන්නට යන හැටි දුරේක්ෂයකින් බලමින් අප අතර මුහුද විතරක් තිබුණාම ඇති නේද අන් අය කෝටියක් කැමති වෙන එක වටින්නේ වෙන අයට මම ඉන්න තැන හැමදාම හිටගෙන මම මුහුද දෙස බලාගෙන
ප්‍රේමය ඒ තරමටම අනර්ථයකි
ප්‍රියය අපිරිමිත මීදුමකි ප්‍රේමය ඔබ-මොබ පෙනෙතැයි සිතා අඩමානයට අඩිය තැබුව දන්නා මඟක-නොදන්නා මොහොතක පා පැකිලී වැටුණ මීදුම පහව යතැයි කිසිවකු කියුව ඉන් පසු කුණාටු කිහිපයක් හමා ගිය මුලින් ඉදිරී ගිය ගස් අතර විදුලි සැර වැදී අඩපනව යම් දිනෙක සිහි ලබන්නට සිතුව ප්‍රියය අපිරිමිත අන්ධකාරයකි ප්‍රේමය එක මොහොතක ආලෝකයකින් පතුළටම කඩා වැටුණ
ප්‍රේමය ගුම් නඟන්නේ නැතැයි
කමා කළ මැන; ප්‍රේමය ගුම් නඟන්නේ නැතැයි චෝදනා කළාට ඔරුව නවතා හබල ගෙන ආවාට පෙනීම වැඩි කර ගන්නට ඇස් කාචයක් සවි කර ගත්තාට අවසන අන්ධ වූවාට කමා කළ මැන
පිස්සු හැදෙන ක්‍රිකට් එක්ක චයිනමන් කියැවීම
ඔක්කොම වුණේ මළ ඉලව් ලුහුඩු දැන්වීමක් නිසා. ගෙයක් විකුණන්න, කාර් එකක් ගන්න, ඩැල්මේෂන් බල්ලෙක් ගන්න හරි නිවාඩු නිකේතනයක් හොයන්න වගේ නම් කමක් නෑ. ඒක ක්‍රිකට් ක්‍රීඩකයෙක් හොයන්නයි දාලා තිබ්බේ. අනික ඔබ්සවර් පත්තරේ. එහෙම කොහොමද හැංගිච්ච ක්‍රිකට් ක්‍රීඩකයෝ හොයන්නේ? මං නිකමට ආයෙම හිතලා බැලුවා. නෑ, එහෙම පුළුවනි ඇති. තොරතුරු අවශ්‍යයි. ප්‍රදීප් සිවනාදන් මැතිව්, ක්‍රිකට් ක්‍රීඩක 1977-83 […]
වැසි ලුහුබඳින්නේ ඒකයි
වැසි කිහිපයකි නොතෙමුණු හිතක වලාකුළු දැක දැක දුවන්නේ ඒකයි හෙවණක් හොයාගෙන ඉමිහිරි තැන් නොමැත තෙමෙන්නට අකමැති හිතක වැසි ලුහුබඳින්නේ ඒකයි අහඹු වැස්සකට කොටුකර ගන්නට
ප්රතිවාදිත ගීතයක
ප්රතිවාදිත ගීතයක සැබෑ සොවක් මුණගැසුණි මස් ඉරා දමන දෙසවන් හූරා දමන රිදුම් දිය හැකි සෑම තැනක්ම රිදවන තත් කිහිපයක් හැඬවෙන සෝබර තනුවක නැවත ඔබ හමුවුණි ප්‍රතිවාදනය කර අසන්නට