Archive > June 2015

පොළොවෙන් පැන නොනැගුණ ගසක්

පර්යාය පද නැත කිසි විට සිප වැළඳගත යුතු නැත සඳද-හිරුද-තරුද එකම විට පොළොවෙන් පැන නොනැගුණ ගසක්ද මම හිරු එළිය ලැබුණත් සුපුෂ්පිත වෙන්න හිතක් නොලැබුණ

Continue reading

ඔබව මතක නැති වුණ විදිහ

ඩැල්මේෂන් බලු තඩියෙක් කිඹුල බනිසක් හංගපු තැනක් වගේ සිහිවිකල් මහල්ලෙක් සැරයටිය තැබූ තැන වගෙයි ඇම්නේෂියාවෙන් පෙළෙන්නෙක් ඊයේ මොකද වුණේ අහනවා වගෙයි ඔබව මතක නැති වුණ විදිහ හරි පුදුමයි ලැජ්ජා සහගතයි මට හැර අනිත් හැමෝටම චුට්ටක් විතර කරදරයි

Continue reading

ප්‍රේමයෙන් පිළිස්සෙන හැන්දෑවක අහන්න;චියර්ස් ඩාර්ලින් !

‘සැරදේවා සොඳුර මේ ඔබටයි ඔබේ ආදරවන්තයාටයි’ සොවක් නම් මේ අයුරින් දැනෙන්නට තිබිය යුතුය. වැසි වැටෙන හැන්දෑවද, මද සීත අලුයමද, පිළිස්සෙන දහවලද එක සේ මේ ශෝකය ඔබ වටා සැරිසැරිය යුතුය. මලින් සජ්ජිත උයනක වුව අත්හැර දැමුණු අලංකෘත මල් තිබිය හැකිය. ඩේමියන් රයිස් ගයන විට මාව අත්හැර දැමුණු; එහෙත් මලින් සජ්ජිත උයනක නතර වෙන්නේ එහෙයින් විය හැකිය. [...]

Continue reading

ගිරි මුදුන

ඒ එතැන හොඳම මල් පිපිණු තැන ගිරි මුදුන; අතින් අල්ලාගෙන හදිසියේ අත හරින තැන මලක් නෙලන්නේ නැතිවම ආපසු හැරෙන්නට සිදු වන තැන මිහිර; ඔබ නිතර මා අතරමං කරන තැන ගිරි මුදුන සේයාරුව :  M  I  N  J  A  E  .  L  E  E

Continue reading

යනු කියා

යනු කියා ඉදිරි දොර හැර තැබුව යන්න තැනක් නොපෙනෙන වංකගිරියක මාල ගිරා කූඩුවකි මා ඇතුළත සිර කෙරුව අමාරුවෙන් ඔබේ නම කීම කෑවාද බීවාද ඇසීම මින්මතු උවමනා නොවන ගෙළ බැඳි මාලය උගසට තබා ගනු පිණිස ආ…මෙන්න ගලවා ගන්න වංකගිරියක වුව පියාඹන්නට අතරමං වෙන්නට පියාපත අතාරින්න පෙම්වත;

Continue reading

මුහුද;

රළ එක්ක අමනාප වෙනම ජීවත් වෙන කළුතර උතුර මුහුද; සිප්පි ක‍ටු ගැන වධ නොවෙන වෙරළේ උණ ලී හිටවා ඇති කරන සරුංගල් නූල් පැටලුම් ගැන දුක් නොවන මද සීත-වෙව්ලුම්කාර කළුතර උතුර මුහුද; පිටිවැල්ල ඇතිදාට විතරක් හීලෑවෙන කැමති අය ගැඹරට කැන්දාගෙන යන ගොඩගලට නංවා සුදු පෙණ කැටිවලින් කකුල් නහවන නගරංකාර-ආඩම්බර මුහුද; දෙදෙනෙකු එනු දැක සිනාසෙන මා තනිව [...]

Continue reading

වික්ටර්;

වික්ටර්; තරුවකට තනිව ඉන්න පෙම් රසෝඝයක් දෙන්න සියවසක් ඇවිලෙන්න ගිනිගෙන දැවෙන සිපුම් වරුසාවක් දෙන්න මෙහෙම එක්-එක් තැනක ඉන්නයි නොකියන්න ගංගාව ඇති තැන ඔරුවද-හබලද රදවා යන්න ඔබට ඔබේ ශෝකය සිතුවම් කරනු බැරි තැන පින්සල උදුරා නොගන්න තරුවකට විතරක් තනිව ඉන්න දී මගේ ප්‍රේමයෙන් මා කලබල කරන්න උසම කඳු මුදුන සොයාගෙන මාව එතැනින් බිමට අත හරින්න සේයාරුව [...]

Continue reading

කෙස්

මට ඔයාගෙ හිසකෙස්වල තිබ්බ පුළුන් සොබාව මතක් වුණා. කෙටි වුණත් දිගට දැනෙන, දිග වුණත් කෙටිව දැනෙන හිසකෙස්. ඉතාම මෘදු බරක් තිබුණ හිසකෙස්. මට ඒ සුවඳ මතකයි. ඒක සියුම්. නමුත් එළිමහනකදී බයානක විදිහට දැනෙන තරම්. අවුරුද්දක්-දෙකක්-දහයක්-විස්සක් කොච්චර ගියත් ඒකෙ සැහැල්ලුව හරි සියුම්බව හරි වෙනස් වුණේ නෑ. එකම සුවඳක්. එක දිගටම. ඔයා එහෙම පවත්වගෙන හිටියේ මගේ ආයුෂ [...]

Continue reading

දැල්වෙතැයි නොසිතෙන

ගිනි පුළිඟුවක් ඔබ කිසිදා දැල්වෙතැයි නොසිතෙන පළගැටියෙක් මම දැවෙන්නට දැල්වෙන තුරු මඟ බලන සේයාරුව : M A R I  .  M E M A R I

Continue reading

මලින් පිරුණු වසරක ප්ලේටෝනික ආදරය -In the mood for love

හොංකොං 1962 ඈ ඔහුට ඇතුළු වනු පිණිස කුඩා කවුළුවක් හැර දුනි. සුළං ‍රැළි පමණක් කවුළුව හරහා හමා ගියෙන් ඈ ආපසු හැරුණි. ඒ කුඩා කවුළුවද, විසල් දොර‍ටුවක් ද වසා දමමිනි. ප්‍රේමය එතරම් දිග වසන්තයක නො‍රැදුණ හෙයින් ශෝකයද; පරාජයද ගසක කොළ හැලී යන්නාක් මෙන් ඇතිවී-නැතිවී ගියේය. ඈ සූ ලී සෙන් ය. ඔහු චව් මෝ වෑන් ය. හොංකොං [...]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com