අනෙකෙකු අත එවූ ඔබේ අත ලිහිසි තෙල් තැවරී ඇත කෙතරම් තදින් වැළඳ ගත්තද ලිස්සීම් බහුලය රාජ්ය නායකයන් මෙන් නොවූවද කාර්යබහුල රාජකාරි තීරුවක එළියෙන් අගුළු ලාගෙන ඉන්න විට ඔබ තට්ටු කළ නොහැක දොර අසල ද සිටගනු නොහැක මෘදු දණ්ඩනයක සිර කර තැබුම කෙටි කාලයක් ඉවසීම යුතුද පුපුරා හැලෙන ගිනි කන්දකින් බිමට බසින්නට ඔබවත් මට අණ කළ […]
Archive > July 2015
සීනුවක් මෙන්
නාද නොවන්නට වග බලාගත් සීනුවක් මෙන් නිහඬව ඉන්න ඔබේ යුතුකම නාද වීම මා නිද්රාවෙන් ගැලවීම සෑම විටම එය පැහැර හරින්න අවදිව සිටීම මගේ වගකීම බව කියන්න ශබ්දයක් පසුපස ලුහුබැඳීමෙන් මා වලකන්න දෝංකාරයේ අමිහිරි බව සීනුවකටත් දැනෙන එක විටින් විට කියන්න නිහඬවම ඉන්න
සාංකාව:
වැහි ලිහිණියන් මඟ හැරීම අහුලාගෙන එමියි කී කුඩා කුරුලු පිහාටුවද නොදැනීම බිම වැටීම මලින් සජ්ජිත මිටියාවතක දෑස් අන්ධව සැරිසැරීම පසුදිනම ඔබට ඒ මල්වල පැහැය හරියටම, දැන ගනු ඕනෑ වීම නොදැන දිය පහරකට වැටීම එහිම ගිලී දියබැත් වීම දිය සෙවළ බැඳුණු ගලක හිස වැදීම තාවකාලිකව, සදාකාලික යැයි කියූ යමක් අමතක වීම
ඉදිරි දොර ඉදිරිපිට
ඔබ; ඉදිරි දොර ඉදිරිපිට තට්ටු කරන්නට මොහොතකට පෙර රෝස මල් කළඹක් අරගෙන යාන්තමින් විලවුන් සුවඳ තවරගෙන කුස්සියේ ඇවිදින අතර පිගන් හෝදන අතර ගෙල පිටුපසින් සුසුමක රස්නය දැනෙන මිය නොගිය ඔබ භූතාත්මයකද එක වර දෙතැන පෙනී සිටින ඉදිරි දොර ඉදිරිපිට තට්ටු කරන්නට බලාගෙන පින්තූරවල දුහුවිලි පිසින අතර උණු වතුර කේතලය ලිප තබන අතර ළඟින් ළඟින් ඔබේ […]
මෘදුම තානයකින් නැලවෙමි
තිර රෙදි අකුලමි අව් රැල්ලක් මෙන් වැටෙන්නට දෙමි සිරුර සිසාරා යන්නට දෙමි ධාරාණිපාත වැස්සක් මෙන් තෙතබත් වෙමි රුවල් අකුලන්නට පෙර කෙස් කළඹ විසුරවමි සුවඳ ගෙන නොයන්නට කටයුතු යොදමි සිඹිමි හඬන්නට නොදන්නා විට පවා මෘදුම තානයකින් නැලවෙමි
පෙම් ජලාශය
සිඳී ඇත නිල් කැටයට පෙනුණ පෙම් ජලාශය නියගය ඉදිරියට එන්න නියමිත මේ පෙරහුරුව වතුර නැතුව මිය යාම හරියටම තේරුම් ගැනීමට
සටන් වදිමි !
අංශුවෙන් අංශුව විස බුදිමි පැතූ අහරක් ගෙනැත් දෙව පැතූ පානයක් ගෙනැත් දෙව විසම වේවායි ප්රාර්ථනා කරව ශුභම මොහොතක වුව අශුභ පෙර නිමිත්තක් වෙව තුඟු කඳු මත නොව ඉතාම පහත් පොළොවේ සිට සටන් වදිමි !