ඉදිරි දොර ඉදිරිපිට

72566_426225674113528_1610520206_n

ඔබ;
ඉදිරි දොර ඉදිරිපිට
තට්‍ටු කරන්නට මොහොතකට පෙර
රෝස මල් කළඹක් අරගෙන
යාන්තමින් විලවුන් සුවඳ තවරගෙන

කුස්සියේ ඇවිදින අතර
පිගන් හෝදන අතර
ගෙල පි‍ටුපසින් සුසුමක රස්නය දැනෙන
මිය නොගිය ඔබ භූතාත්මයකද
එක වර දෙතැන පෙනී සිටින
ඉදිරි දොර ඉදිරිපිට
තට්‍ටු කරන්නට බලාගෙන

පින්තූරවල දුහුවිලි පිසින අතර
උණු වතුර කේතලය ලිප තබන අතර
ළඟින් ළඟින් ඔබේ පා හඬ ඇසෙන
උරහිසින් අල්ලා මා ඔබ වෙතට හරවන
මිය ගියාද ඔබ
භූතයෙකු වී ඇවිත් මා අසල ගැවසෙන්න

රෝස මල් පෙති ආලින්දයට හැලෙන
සඳලුතලයට කඩදාසි කුරුල්ලන් විසි කරන
නිදන කාමරය අසල වයින් බෝතල දමා යන
මේ වියරු සති අන්තය සරසන්න
එක පාරකට මිය යන්න පුළුවන්ද ඔබට
භූතාත්මයක්ව මා අසල ම තැවරෙන්න

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඉදිරි දොර ඉදිරිපිට"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com