මට නොපෙනෙන්න පෙනි පෙනී ඔබ; දිවා කළ උද්‍යානයේ ඇවිදින සවස් කළ කාරයේ සැර නිවා කල්පනාවක පියගැට පෙළ නොනැග අත්වාරුව අල්ලාගෙන එහෙම විට සමහර දාක හවසට මම; බාගෙට නිම කළ ගරා වැටුණු ගෙයක් උඩට මුහුද පෙනෙන’යුරු බලමි මුහුදු කිහිපයක් තරණය කර පණිවිඩ එතැයි සිතමි හිස නවාගෙන පඩිපෙළ බැස එමි දුම්රථය ඇතුළත ආර්ජිත් සිං අසමි ඔබ තිළිණ […]
Archive > August 2015
නිශ්ශබ්ද චලිතයකි ඔබේ නැවතීම
පාද ජාලා සැලෙන රෝස පෙති බිඳෙන කරුවලකි ආලෝකය මම නැවතුණ තැනම නැවතුන නිශ්ශබ්ද චලිතයකි ඔබේ නැවතීම සේයාරුව : M A R G A R I T A . K A R E V A
නිශ්ශබ්ද හැන්දෑව
හැන්දෑව නිශ්ශබ්දය මුහුද හා රණ්ඩු කර කෙස් කළඹ ලිහාගෙන පැමිණෙන සුළඟ ය සුළඟින් කම්මුල් පහර ලත් මලානික මල් ය හා හොඳයි බිම වැටෙන්නම් මං මැරෙන්නම් කියන ඉන්දියානු පිච්ච ය මාන්නක්කාර බළලුන් රවටන කවුඩු පණික්කියන් ය රවුල් ගස් උස්සමින් වයර්වලට රවන අතර ම බිම වැටෙන වියළි කොළ ය ඒ උදෑසන ආ ලියමන ය කීතු කර ඇද […]
සර්කස්
කූඩාරම් ගලවගෙන හීලෑ සිංහයොත් අරගෙන එන්න කන්ද මුදුනටම එන්න අපේ අහිතක් නෑ අපේ තරහක් නෑ කේසර තියෙනවා නම් බය වෙන්නෙත් නෑ
මීදුමෙන් කරදරද ඔබට
අනාරාධිතව වෙළෙන සිසාරා හමා නොයන සීතලම දනවන ප්‍රහර්ෂය එයම වෙද ඒ සා ප්‍රීතිමත් මොහොතකද මීදුමෙන් කරදරද ඔබට
ශෝකය සහ ප්‍රේමය අතර
කොතරම් දේ තිබිය හැකිද ශෝකය සහ ප්‍රේමය අතර කිසිඳා නොහඬන පෙම්වතුන් මෙන් අලුතින් පටන් ගත නොහැක තිබෙන ජීවිතය අපට වෙන නමක් දෙනු හැක වෙන ගමක යනු හැක පොදි බැඳන් සියල්ලම ශෝකය සහ ප්‍රේමය අතර හිමාලි එන්. ලියනගේ සමඟ
ආලෝකය සහ අඳුර සේයාරුවක් කිරීමේ කලාව
ෆැන් හෝ ට ආලෝකය සහ අඳුර ගැන තියෙන්නේ පුදුමාකාර ලෝලත්වයක්. ඔහුගේ ඡායාරූපවල සෙවනැලි බොහොමයි. පතිත ආලෝකයෙන් වැඩ ගන්න දන්න ෆැන් හෝ මිනිස් රූප ඇතුළට වගේම ගොඩනැගිලි ඇතුළට ආලෝකය සහ අඳුර යොමු කරවන්නෙ තමන්ට ඕනේ විදිහටයි. හරියටම ඔහුගෙ අතේ මැජික් යෂ්ටියක් තියෙනවා වාගෙයි. ෆැන් හෝ ගේ ප්‍රකටම සේයාරු හඳුන්වන්නේ ‘Approaching Shadow’ නමින්. බොහෝ විට වීදි ජීවිතය […]
මොනවටද
කොච්චර උද්‍යාන තිබුණත් මං එක්ක ඇවිදින්න බැරි කොයිතරම් ඕනෑ වුණත් ඔබට තුරුළු වෙන්න බැරි මේ අපේ ආදරේ මොනවටද රහසින්වත් රණ්ඩු වෙන්න බැරි ඔබේ රන් මුදුවෙ දිස්නෙටත් මගේ ඇස් පියවෙන්න ඇති ඔබටවත්-මටවත් අපේ යැයි කියන්නට දේවල් නැති මේ අපේ සිහිනවත් කාටවත් දැනගන්න වුවමණා නැති කවි වුණත් මොනවටද කිසිදාක ඔබ කියවන්නෙ නැති