Archive > August 2015

ගඟ ගලාගෙන යන අතර

ගඟ ගලාගෙන යන අතර ඔබ මල් හෙළන සුවඳ දැනෙන . පහළ දිය පහර වේගය අඩුවෙන තැනක නුඹ ඒ එකතු කරගෙන හිමාලි එන්.ලියනගේ සමඟ

Continue reading

ඔබ වගේ කෙනෙක්

දර්පනයකින් පෙනෙන ඔබ වගේ කෙනෙක් හදිසියේ නැගිට යන පහත් වේවැල් පු‍ටුවක යට ගිලෙන උණු තේ බඳුන කම්මුලට තබා තෙරපන ඇසින් මගේ ඇස සිප ගන්න ඔබ වගේ කෙනෙක් වාඩි වී සිට නැගිට යන ඉර එළිය එන විට මුහුණ මුවා කරගන්න කුරුල්ලන් කෑ ගසන විට ඇස් සිහින් කර සිනාසෙන පහත් වී මගේ ඇඟිලිතුඩුවල පාට ගල්වන යළිත් ඒ […]

Continue reading

නියමිත පාට සොයා ගනු බැරි චිත්‍රයකි

ආදරය නියමිත පාට සොයා ගනු බැරි චිත්‍රයකි ආදේශක පාට ගා තේරුම වෙනස් කළ සේයාරුව :  D  A  V  I  D     T  A  L  L  E  Y

Continue reading

මල් ගස මරා දමන්න

අන්තිමට වසන්තයේ මුලම මල් ගහ දිරා ගිහින් කද පුරා ඔබේ අතැගිලි පහර පිරිමදින්නට බැරි තරම් අබලන් මල් පෙති නියපොතු පහර වැදී ලේ ගලන වැසි එපා වසන්තය ඔබ නතර වෙන්න මේ මල් ගස මරා දමන්න සේයාරුව : D  A  V  I  D     T  A  L  L  E  Y

Continue reading

ආදරය අත හැරීම සහ අල්ලා ගැනීම -The Lunchbox

ආදරය කෙතරම් ඉහළක සිට කඩා වැටිය යුතුද? ඒ කුඩා ගල් කැට විලාසයෙන් නොව ඉතා මෘදු මල් පෙති ආකාරයෙනි. එහෙත් මල් පෙති ඇද හැලෙන්නේ කුඩා ගල් කැට සමඟ නම් ආදරයට පෙරහන්කඩ දැමිය යුතුද? ‍ෆිල්ටර්ගත ආදරයක් ඇතැයි සිතන ගෘහනියක ස්වකීය ස්වාමියාගේ අවධානය දිනා ගැනීම පිණිස කුමක් නම් කරනු ඇතිද? උදේ ‍රැයින් කාර්යාලයට යන සැමියාට රස අහරක් තනා […]

Continue reading

ඡායාරූප ශිල්පයේ නිහඬ නාටකය

මගේ හදවත රිදුම් දෙන සේයාරුවකි. ඒ 1981-1983 කාලයේ බ්‍රසීලයයි. ‘මට මේ අයව හම්බ වුණේ මහ පාරෙදි. මං කාර් එක පැත්තකින් නවත්තලා ඒ අයත් එක්ක ගියා. කුඩා දරුවකුගේ මරණයක් ගෙන යමිනුයි ඒ අය හිටියේ. ඉතාමත් කුඩා මිනී පෙට්ටියක් එක් පිරිමියෙක් අපහසුවක් නැතිව ඔසවගෙන යනවා. ඊසාන දිග බ්‍රසීලයේ කුඩා දරුවන්ගේ හදිසි මරණ බහුලයි. බැප්ටිස් කරන්නත් පළමුවයි මේ […]

Continue reading

අති භයානක ඒ, තරුණ චෙලෝකාර මහත්වරු දෙදෙනා 2Cellos

මේ චෙලෝකරුවන් දෙදෙනා හුදෙක් වයන්නෝ නොවෙති. ඔවුන්ට ඇත්තේ සංගීතාත්මක උමතුවකි. තතින් තත බිඳ දමා තමන් වෙතට අවධානය යොමු කරවා ගැනීමේ මූලික සැලැස්මක් ඇත්තෝ දෙදෙනෙකි. යූ ටියුබ්ගත ගීත කවර අතර නිතර සෙවුම් අතර ‍රැදෙන නමකි. ප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ ‘දේ ඩෝන්ට් කෙයාර් එබවුට් අස්’ සාමාන්‍ය සෙවුමකින් හමු වූවකි. මයිකල්ගේ සංගීත වීඩියෝවේ මෙන් අමුතු හැඩයක් ඇතිව කළ […]

Continue reading

සොරකම් කිරීමේ තුච්ඡ කලාව-Big eyes

සිතුවමක් සොරකම් කිරීම ගසකින් අඹයක් කඩන්නා සේ පිමි දෙකක් උඩ පැන කළ හැකිද? කෞතුකාගාරයක එල්ලා ඇති සිතුවමක් සොරකම් කිරීම ඊටත් වඩා අසීරුය. වෝල්ටර් කීන් සිදු කරන්නේ ඊට වඩා බරපතල, සාහසික හොරකමකි. ඔහු චිත්‍ර අඳින්නාගේ නම හොරකම් කරයි. ඉන්පසු තමන්ගේ නම සිතුවමේ ලියමින් අසීමිත ප්‍රසිද්ධියක් ලබා ගනී. ‘බිග් අයිස්’ හෙවත් ලොකු ඇස් ඇඳීම කෙරෙහි ප්‍රකට මාගරට් […]

Continue reading

රූපකවලින් ප්‍රේමය අවුළුවන නෙරූදාගේ ලියුම්කාරයා

‘මළ කෙළියයි. දාන්තේ’ අන්න එහෙමයි නෙරූදා ලියුම්කාරයාට කිව්වේ. ලියුම්කාරයා එක බැල්මෙන්ම කෙල්ලෙක්ට ආලය කරන්න පටන් අරන්. හැබැයි වචන පහයි කතා කරලා තියෙන්නේ. ඒකෙනුත් වචන දෙකක් කෙල්ලගේ නම අහලා ඒකම ආයෙ තමන් විසින් පුනරුච්ඡාරණය කරලා. එහෙම බැලුවම ලියුම්කාරයා කතා කරලා තියෙන්නේ වචන තුනයි. ‘කවුරු එක්කද පුතා?’ ‘එයාගෙ නම බියට්‍රිස්’ බියට්‍රිස් ගොන්සාලේස් කියන්නේ ටවුමේ බීමහලේ ගිනි සිළුවක් […]

Continue reading

හදවත බැඳුණු තැන

ලිහී ඇත හදවත බැඳුණු තැනකින් වයලීන තත්වලින් හීරෙන්නට පෙර ලිහුණු තැන ගැට ගසන්නට සිහින් නූලක් දී යන්න

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com