Archive > September 2015

කිසි විට පලා නොයන.

මධුය ඔඩම් පුරා නුවරුන් ඔද වඩන වචන ‍රැගෙන ඔවුනොවුන් හද මස ඉරා සැනහෙන තෙප ප්‍රමාදව සිංහාසනය දු‍ටු හෙයින් දිය අගලට මෙහායින් සිට ගනුව සිංහ කූඩුව අසලටවත් නොගිය හෙයින් මේ පැලහූ මාංශ නොකව ප්‍රීති වෙව ඒ ද අප සතු දෑ අත් හැර මේ ප්‍රීති උත්සව එකෙකු පළවා හළ බැවිනි අප අතරින්ම නැඟී ආ අපම සුරතින් ඔසවා [...]

Continue reading

ශාරද සුළඟ

ශාරද සුළඟ වයින් වීදුරු ගැස්සෙන දුහුල් ගවුමෙන් මා ගලවන මින්පසු උරහිස සිඹින්නට වුවමණා නැත මේ සෘතු මාරුවෙන් පසු අප අන්ධ වන ආදරය අතින’ත මාරු කරගනු අමතකව

Continue reading

වචන මැද

කැමැති විය යුතු ම නැත එක දිගට හෝඩියක අකුරු කියැවෙන පිළිවෙලට මැදින් පටන් ගත හැක ඉක්මනින් වචන මැද අකුරු අතරමං කරනු පිණිස

Continue reading

කෙටි පෙම් පිළිසඳර

දිගු දහවල වෙරළ ද රළ ද නිදි කරවන ඉතා කෙටි පෙම් පිළිසඳර භූමිකම්පා ඇති කරන

Continue reading

සමර

රුවල් අකුලා ඇත මුහුද සැඩ වන්නට පෙර ම නැවක – ජැටියක – මුහුදු පතුලක ඔබට ඉන්නට පුළුවන කැමති විට නැව බදේ කවි ලියන්නට පුළුවන බුබුළු යවමින් මුවගින් සකේ බොන්නත් පුළුවන කැමති විට අත් හැර මුහුදු පතුළම පුළුන් රොදක වෙස් ගෙන දෙව්ලොව කලබල ඇති කරන්නත් පුළුවන මුහුද සැඩ වෙන්නට පෙර ම අකුලා ඇත තමන්ගේ රුවල සමර;

Continue reading

තාත්තා වගේ කෙනෙක් ඔබට පියාඹන්නට අත්ත‍ටු දෙයි

එයාට සර්ජි පොටපොව්ගෙන් කිසිම වැඩක් තිබ්බෙ නෑ මේ වෙනකන්ම. ඒත් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙමින් ඉන්න අතරේ දවසක, සර්ජි පොටපොව්ගෙ රූපවාහිනී වැඩසටහනක් ගැන කියවෙනවා ඇහුණා. එහෙම ඇහුණටත් පස්සේ එයාට නම් ඔහේ නිකං ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඇයි ඉතිං මේ ඔක්කොටම මුල සර්ජි පොටපොව්නේ. එයා තමයි අම්මගේ ඉස්කෝලෙ කාලෙ යාළුවා වෙලා උන්නේ. යාළුවා කිව්වට ඒක හරි භයානක [...]

Continue reading

පොතක් ලිවීමත් එක්තරා විදියක හුදෙකලා කැරැල්ලක් තමයි -ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

පරිවර්තන කෘති 30ක් සහ, ‘සුවඳ තො‍ටුපොළ’ නමින් ස්වතන්ත්‍ර නවකතාවක් ලියූ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද පරිවර්තන වංශ කතාවේ පරිච්ඡේද කිහිපයකම සිටින්නියකි. එහෙත් ඒ නිශ්ශබ්දවය.හොංකොංහිය. මුතු කරාබුවක් පැළැඳගෙනය. ඇගේ නවතම පරිවර්තනය කාලිඩ් හොසෙයිනිගේ ‘ඉක්බිති කඳුකරය දෝංකාර දුනි’ නමින් පසුගියදා නිකුත් විය. තත්කාලීන සාහිත්‍යයේ හැඩරුව සහ ඇගේ සාහිත්‍ය ජීවිතය පිළිබඳ කළ කෙටි සංවාදයකි මතු දැක්වෙන්නේ. *  ඔබේ ලිවීමේ ආශාව [...]

Continue reading

කළු සුදු ජීවිතවල මැකී ගිය වර්ණ -Black and whit and sex

ඇන්ජි ට ඇත්තේ මැරලින් මොන්රෝ වර්ගයේ කොණ්ඩයකි. ඒ රන්වනින් කැ‍රැළි ගැසීගෙනය. එක් උරයක් පැන්නූ ටීෂර්ටය එක් උරයක තිසර පටයක ශේෂයක් පෙන්වයි. අව් කණ්ණාඩි ලාගෙන පැමිණි ඈ සිනාසෙමින් තම අත් බෑගය පිරික්සයි. කැමරාවට මුහුණ දී කතා කරන්නැයි අධ්‍යක්ෂවරයා පවසන විට ඈ කුඩා කෙල්ලක මෙන් විළිබරව සිනාසෙයි. කැ‍රැළි කොණ්ඩය උඩට කෘත්‍රිම විදුලි ආලෝකය වැටී දිලිසෙයි. ‘මම ඇන්ජි. [...]

Continue reading

ඔබ සමඟ ගඟ පතුළ

වැල් පාලම උඩ නතර වුණ දින සිට නැහැ සෙලවීමක් වැටෙනවා පමණයි ගංගාවටම අප පීනන්නට නොදත් මම පීනන්න දන්නා ඔබ සමඟ ගඟ පතුළ

Continue reading

ෆීනීක්ස්මය මොහොත

කිහිප විට ළඳල්ලක් බි‍ඳෙන විට නෑඩූ කුඩා මල් ද ‘ඒ ඔබගේ ෆීනීක්ස්මය මොහොතැයි’ කියූ අහංකාර ලතා මණ්ඩප ද හඬන්නේ කුමට ද උතුරු සුළඟම විත් පණ පිටින් ගෙන ගියාට ද පැළ කරන්නට කාන්තාරයකට

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com