Archive > October 2015

උණුසුමකි ඔබ කියන සමහර වචන

පැඟිරි රසක් සේ දෙතොල කිති කවන උණුසුමකි ඔබ කියන සමහර වචන උරහිසට උඩින් එබෙන හිම මිදුණ ඒ මොහොත චිත්‍රපටියක් මෙන් පසුපසට ධාවනය වෙන ඒ අතරතුර දොඩම් සුවඳක් අප අතරින් හමා යන සිඹීම සහ නොසිඹීම මිදි සුවඳ සහ දොඩම් රස සදාකාලයටම ඉතිරි කරන තවම කිතියකි ඒත් ඔබ කියන සමහර වචන මට

Continue reading

ඉරිදා

මෙහෙම ඉරිදා උදේක බීන් බෑගයේ ගිලීගෙන ඉන්න විටම දකුණු උරහිස උඩින් ඔයාගෙම විළවුන් සුවඳ ඇවිත් ඇවිත් හැප්පෙනවා මගේ නිරුවත් උරහිසේ ආපස්සට හැරී බලා ජනේලයත් වසා කිරි තේ උගුරුක් බීවම මගේ දෙතොලින් වෑහෙනවා ඔයාගෙ සුවඳ කෝප්පය ඇතුළට ටිකෙන් ටික කිරි තේ ඇල් වෙනවා මං කෝප්පය බිමින් තියනවා රතු පාට බීන් බෑගය පතුළට ගිලී චැනල් මාරු කරනකොට [...]

Continue reading

හිස් උණ්ඩ

වැදුණු තරමක් හිස් උණ්ඩ රතු පැල්ලම් විතරයි හදවතේ හැම තැනම මැරේවියි කියා හිතුණත් හැම වෙලාවෙම බේරී වැටුණේම සශ්‍රීක තණ ගොල්ලකට උරහිසේ දැවටුණ පුංචි සුවඳට අත්ලේ බලි කුරුටු ගෑ වචන කිහිපෙට මේ තරම් ලේ ගලන්නේ කොහොමද උණ්ඩයක් නොවුණ හැම පොඩි දේකම උල්ම උල් කටුවක් තියෙනවා හැමදාම ඇනෙන

Continue reading

ඝාතකයෝ වම්හ

ඝාතකයෝ වම්හ පිළී නොකන එනුවරින් ආ අය අත සියලු වරද මාංශ ද-සුරාව ද-දුසරිත ද මහමාරිය මෙන් බෝ කළ එතෙක් අප බවුන් වැඩුව රහසින්වත් පව් නොකළ මේ නුවර කසල නො ඉපදුව ඉසුරින් ද ආඩ්‍යව දොරින් දොර රන් මල් පිපුණ බිත්ති බිඳ පළා යව මිතුර මේ මහා රෝගයකි ඔසු සොයා පලක් නොවන එනුවරය වැසියන්ය ඒ අය අතම [...]

Continue reading

සමුද්‍රාසන්න පෙදෙසක

සමුද්‍රාසන්න පෙදෙසක වැ‍රැහැළි උඩුමහලක ලුණු වැකුණු කතා පෙට්ටියක සියක්වර කියූ එකම කතාවක ඔබ ඉන්න හැටි අඩපණව

Continue reading

ජනේලය වසන්න

ඉන් එපිට බලා ඉන්නා විටම ඔබට; ඒ ජනේලය වසන්න පුළුවනිද සුළං සහ ශබ්දය හිරිහැර විට ද හිසකෙස් අවුල් වන විට ද මා ඉදිරියෙන් ම ඇවිද ගොස් බලා සිටින අත අවහිර කර ඒ ජනේලය වසන්න පුළුවනිද ඔබට එය අඩවන් කර තබන්න නොහැකිද හිසකෙස් අවුල් නොවන තරමට සුළඟ මුහුණේ නොවැදෙනා තරමට අඩක් විවරව ඔබට අයිති-මම බලා සිටින [...]

Continue reading

බ්ලොටින් පේපර්

කැමැති වෙලාවක විත් බ්ලොටින් පේපර් මාරු කරන්න ගැසූ ඇණ ගලවාගෙන යන්න

Continue reading

මල් පිරුණු ගස යට

මල් පිරුණු ගස යට දිගට වැටුණු සෙවනැල්ල ඒ ඔබේ මතකය දවසෙන් කුඩා වෙලාවක සෙවණ සාදන නොදන්නා වේලාවක නොපෙනී යන

Continue reading

සැහැසි

අනුරාගය ද සැහැසි පිහියකි ඔබේ අතින් ගිලිහුණු විට

Continue reading

මට ඔබෙන් ඇස් ඉවතට ගන්න බෑ -The Blower’s Daughter

‘මට ඔබෙන් ඇස් ඉවතට ගන්න බෑ’ ඒ කෙතරම් ආශක්ත වීමක් විය යුතුද? ඔහුට ඇස් ඉවතට ගත නුහුණු තරමට වශීකෘත රුවක් හමුව ඇත. සිහින්ව වැයෙන ගිටාර තත් අතරින් ඩේමියන් රයිස් මෘදුව ගයයි. ඈ එන්නේ මේ ගිටාර තත් ඇතුළතින් විය යුතුය. සංගීතය සිහින් වන තැන නිවිසැනසිල්ලේ හිස එළියට දමමින් ඈ සිනාසෙනවා විය යුතුය. ‘කෙටිම කතාවක් ආදරයක් අහිමිව, [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com