ආදරය කියන්නෙ පින්තූරයක් -Photograph

06-29-Cover-Ed-Sheeran-ftr
ආදරය පින්තූරයකැයි කීම හිත කළඹන සුළු විය හැකිය. එහෙත් දුර ඈතක සිටින විට සායම් ගිය ජීන්ස් පොකට්‍ටුවේ ඔබව සඟවා තබා ගත හැක්කේ පින්තූරයක් වූ විට ම පමණි. නැවත හමු වනු තුරු, යළි වැළඳගන්නා තුරු චලිතකකුදු නොමැතිව ජීන්ස් පොකට්‍ටුවත් ඇතුළත පෙම්වතාට සිටිය හැකිය. පොකට්‍ටුවෙන් බැස කර මාලයක ලොකට්‍ටුවක පවා ඔහුට සැඟවී සිටිය හැකිය. එහෙත් ඒ ආදරය පින්තූරයක් වු විටම පමණි.
ආදරය තුවාල ලැබිය හැකි තරම් බවද දැනගත යුතුය. ආදරයෙන් ලැබිය හැකි තුවාල සහ රිදුම් මඟ හැර සංතුෂ්ටිය ම පමණක් ඔබට අත්පත් කර ගත නොහැකිය. ඉතාම දුෂ්කර මොහොතක පවා ඔබ ජීවතුන් අතර රදවන ආදරය පින්තූරයක් කරන්නේ එහෙයිනි. මේ මොහොත හෝ ඒ මොහොත සිහිපත් කරන්නේ ඔබ සු‍රැකිව තබාගෙන සිටින පින්තූරය යි.
මේ විය හැක්කක් ද? ආදරයේ මෘදු තානයක් අජීවී යමක සැඟවිය හැකි ද? මතක ‍රැසක් ඉහළට නැගුණ කන්දක් මෙන් එක සමාන උසකින් තබා ගත හැකි ද? කාලය එක තැන මිදෙන්නට සලස්වනු හැකිද?
එඩ් ෂියරින් ගයන 'ෆොටෝග්‍රාෆ්' ගීයට අනුව ඒ සියල්ල කළ හැකිය. කාලය හිම මිදෙන්නාක් මෙන් නොසැල්වෙන තට්‍ටුවක් බවට පරිවර්තනය වී ඇත. එකම ප්‍රේමණීය මොහොතක ඔබ නතර වී ඇත. අත්හැර නොයන, සිනාසුණු ඉරියව් වෙනස් නොවුණ ඒ මොහොත වඩාත් කාල්පනික ය. වඩාත් කාන්දම්ගතය. එකිනෙකා වෙත ඇලීමෙන් යුක්තය.
'මම ගෙදර එනතුරු ඉන්න' යැයි කියන්නේ ද එහෙයිනි. මේ සියල්ල හිම මිදීමෙන් ගලවා ගැනීමට පුළුවන් මොහොත යළිත් ඔහු ගෙදර එන මොහොත නම් ඉන් පෙර නතර කර ගත් කාලය අපතේ නොයනු ඇතිද?

'ආදරයට ඔබව සුවපත් කළ හැකිය
ආදරයට ඔබේ ආත්මය පිරිද්දිය හැකිය'

එඩ් ෂියරින් 'ෆොටෝග්‍රාෆ්' ගීතය ලියුවේ ස්නෝ පෙට්‍රල් සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන ජොනි මැක්ඩේඩ් සමඟ සංචාරයක් අතරතුර ය. විනාඩි 10කින් ලියූ, අතිශයන් ප්‍රසිද්ධ වූ මේ පොප් ගීතය පිළිබඳ එඩ් පවසන්නේ මෙවැන්නකි.

thumbnail.php
''මං පෙම් කරමින් හිටියේ. ඒක අවුරුද්දක් සහ මාස  කිහිපයක් පැ‍රැණි සම්බන්ධයක්. හදිසියේම ස්නෝ පෙට්‍රල් සංගීත කණ්ඩායම එක්ක සංචාරයක යන්න වුණා. ඒක මාස තුනක් දිග සවාරියක්. ඊටත් පස්සෙ මාස දෙකක තවත් සංගීත සවාරියක්. පෙම්වතියගෙන් ඈත් වෙලා යන එක හිත රිදවන දෙයක් වුණා. අනිත් එක මාස පහක් මට දැනුණේ ලොකු කාලයක් වගේ. ඒත් යන්නම සිද්ධ වුණා.
කෙන්සාස් නගරය ආසන්නයේදීයි සිංදුව ලියන්න පටන් ගත්තේ. ඩෙන්වර්වලට ළං වෙද්දි සිංදුව ඉවරයි. ඒක හරිම ක්ෂණිකයි. අවංකයි. දුකයි. ආදරය කරමින් සිටීම සහ තාවකාලික වෙන්වීම ගැන ඇති වෙච්ච මේ හදිස්සි කල්පනාව මෙච්චර ජනප්‍රිය සිංදුවක් වේවි කියලා මං හිතුවෙ නෑ.'
ඔබට ඔහුව රිදවීමට පවා හැකි බව කියන අතර චවන ඇතුළතින් ලේ ගලන බව කීම වඩාත් දුක්බර ය. මේ පි‍ටු ඇතුළතින් මාව තුරුළු කරගන්න, මම ඔබට කිසිදා වෙන්ව යන්නට ඉඩ නොදෙමියි කීම ඊටත් වඩා දුක්බර ය.
'මම ගෙදර එන තෙක් ඉන්න' යැයි යළිත් ඔහු කියයි. බලාපොරොත්තුව සහ පොරොන්දු අතර ඔබ කිසිදා දෝලනය වී නැතිද? බලාපොරොත්තු බිඳ වැටීම සහ පොරොන්දු කඩ කිරීම නිසා ඔබ තීරු , තීරුවලට ඉරී ගොස් නැතිද? මේ මඟ බැලීමේ ප්‍රමෝදය සෑම විටම ඔබව අවදියෙන් තබන්නේ නම් එතැන කොයි තරම් විශාල සිහින තිබිය හැකිද?
එඩ් කුඩා පියාපත් සියයක් සුළඟේ පා කර හරිනු මට පෙනෙයි. හේ ශෝකීව ගයන්නේ පියාපතක් හෝ ඔබට අල්ලා ගැනීමට නොහැකි වේ යන ඉසියුම් ගැස්මෙන් විය නොහැකිද? මට එඩ් කියන දේ අසන්නට සිතෙන්නේ එහෙයිනි.
383376-ed-sheeran

'මං සිංදුව ඉවර කළාම ජොනී හනිකට පියානෝ නෝට් වගයක් හැදුවා. ඊළඟට ඔහු සිංදුව මුමුණන්න ගත්තා. විනාඩි දහයෙන් සිංදුව අපි ඉස්සරහ පහළ වුණා. ඒක හරි පුදුමයි. '
එඩ් ට අනුව 'ෆොටෝග්‍රාෆ්' ගීතයේ විවිධ ආකාරයේ එකිනෙකට වෙනස් වෙළුම් 60ක් හෝ 70ක් ඔවුන් විසින් පටිගත කර තිබුණි. සීමිත සංගීත භාණ්ඩ ප්‍රමාණයක් භාවිත කරමින් වාදනය කළ මේ ගීතය පළමු වරට එඩ් ගායනා කළේ 2013 පෙබරවාරියේදීය. ඒ ගීතයේ අසම්පූර්ණ වෙළුමකි. ඒ ද ජර්මානු ගුවන් විදුලි චැනලයක සජීවී වැඩසටහනක් අතරතුරය. එකී වැඩසටහනෙන් ලැබුණු ක්ෂණික ජනප්‍රියත්වය සහ ධනාත්මක ප්‍රතිචාර හේතුවෙන් අයි ටියුන් ස්ටෝවෙන් බාගත කරගනු පිණිස 2014 ජූනි 20 වැනිදා උඩුගත කරනු ලැබීය. ඉන් පසුව එඩ් තමන්ගේ ට්ව්ටර් ගිණුමේ සඳහන් කළේ තමන්ගේ ඊළඟ කේවල ඇල්බමය 'ෆොටෝග්‍රාෆ්' බවය. මිනිත්තු 4.18ක් දිග ඔහුගේ ෆොටෝග්‍රාෆ් ගීතය අන්තර්ගත 'එක්ස්' ඇල්බමයේය.
'මම ඈති සිටින විට
හය වැනි වීදියේ
පහන් කණුව යටදි
මම මතක් කරගන්නම් ඔබ මාව සිපගත් විදිහ
මට ඇහෙනවා ඔබ මුමුණපු හැටි දුරකතනයෙන්
මම ගෙදර එනතුරු ඉන්න'

පහන් කණුව යට කොතරම් පෙම්වතුන් සිපගෙන වෙන්ව යන්න ඇතිද? ගිවිසගත් පරිදි කොපමණ යළි හමු වන්න ඇතිද? ඒ ආලෝකයෙන් කොතරම් පෙම්වතුන් පිළිස්සෙන්න ඇතිද? මේ ප්‍රේමයේ පිළිස්සීම් කෙතරම් ශෝකයක් ඇති කරනු ඇතිද? සියුම්, ඉසියුම් ගිටාර් තත් බොහොමයක් පසුබිමෙන් ගලා හැලෙන 'ෆොටෝග්‍රාෆ්' ගීතය මගේ හිත කොනිත්තන්නේ සෙමිනි. මෘදුව මුත් එහි සතුටක් නැත. සෘතුවෙන්, සෘතුව ගස්වැල් කොළ මාරු කර ගන්නා දුක්බර තානයකිනි. මට කාලය එකතැන නැවැත්වීමට වුවමණා නැත. එහෙත් පහන් කණුව යටදී යළි ඔබව සිපගන්නට වුවමණාය. සමහර විට ඒ යළි හමුවීමටය. සමහර විට අනපේක්ෂිතව වෙන්වීමටය.

'මම මතක් කරගන්නම් ඔබ මාව සිපගත් විදිහ'

කාංචනා අමිලානි

පුවත්පත් සබැඳිය

"Photograph"

Loving can hurt
Loving can hurt sometimes
But it's the only thing that I know
When it gets hard
You know it can get hard sometimes
It is the only thing that makes us feel alive

We keep this love in a photograph
We made these memories for ourselves
Where our eyes are never closing
Hearts are never broken
Times forever frozen still

So you can keep me
Inside the pocket
Of your ripped jeans
Holdin' me closer
'Til our eyes meet
You won't ever be alone
Wait for me to come home

Loving can heal
Loving can mend your soul
And it's the only thing that I know (know)
I swear it will get easier
Remember that with every piece of ya
And it's the only thing we take with us when we die

We keep this love in this photograph
We made these memories for ourselves
Where our eyes are never closing
Our hearts were never broken
Times forever frozen still

So you can keep me
Inside the pocket
Of your ripped jeans
Holdin' me closer
'Til our eyes meet
You won't ever be alone

And if you hurt me
That's OK, baby, only words bleed
Inside these pages you just hold me
And I won't ever let you go

Wait for me to come home [4x]

Oh you can fit me
Inside the necklace you got when you were 16
Next to your heartbeat
Where I should be
Keep it deep within your soul

And if you hurt me
Well, that's OK, baby, only words bleed
Inside these pages you just hold me
And I won't ever let you go

When I'm away
I will remember how you kissed me
Under the lamppost
Back on 6th street
Hearing you whisper through the phone,
"Wait for me to come home."

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "ආදරය කියන්නෙ පින්තූරයක් -Photograph"

Trackbacks

  1. [...] ආදරය කියන්නෙ පින්තූරයක් -Photograph [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com