තව දුර යනු කුමට අපි නවතිමු චතුරස්‍රය මැද රතු පාට පැරැණි ගොඩනැඟිලි අතරට දූවිල්ලක් මෙන් මුසු වෙන්න දී මට අතරමඟින් හැරී යන්න ඔබ මේ සබඳකම් ඇඟිලි අග මුදු රැඳෙන පොරොන්දු අමතක කෙරෙන ගස මුලින් සිඳ දමන්නට නියමිත අපි නවතිමු චතුරස්‍රය මැද.
Archive > November 2015
වෙනත් අය
ජනශූන්‍ය සිහිනෙක අත් පටලගෙන ඉන්නා’තර පටු දෙබොක්කාවකින් පුපුරා යන සිනා හඬකට ඇහැරෙන ඉන්පසු යළිත් නොනිදන නිදන්ගත රෝගයකි ඔබ වැළඳුණු දා සිට අත් බෙහෙත් නාසන
ප්‍රාකාරය අවට
ප්‍රාකාරය අවට සුදු පැහැති මල් පොකුරු වැනෙන හිස බාගෙන බිමට නො අල්ලා අතින් අත පඩිපෙළ නඟින ඒ යුවළ ඇස් හීන් කරගෙන පැරැණි රණ්ඩුවකට කඳුළු පොඩි කරන යුද ඇඳුම් සහ සන්නාහ හෙල්ල කිහිපයක් එක තැනක ඒ යුවළ කෙටි ඉඟියකින් සටනකට සැරසෙන මුහුණු ආවරණ නොලාම නැවෙන කඩු වනන ප්‍රාකාරය සුදු මල් පුබුදුවන පෙති බිම වට්ටන යුවළ කඩු […]
ඔබ අවට ඉන්න විට
ලිහිල් ය ඔබ අවට ඉන්න විට සුළඟ පවා අවානක් මෙන තමන්ටම පවන් සලන දහවලය අපමණ කාන්තිය වගුරුවන රස් පරොස් බස් අතර පවා සිනාසීමට දේ මට පෙනෙන කටු සහිතය දුහුල් පරිසරය මීදුමක පවා ග්‍රීෂ්මය දනවන අතරමං නොවන එහෙත් කිසි තැන ගමන් නොයන ඒ ඔබ නික්ම ගිය තැන කුඩා මොහොතක
මත්ස්‍ය
දිය රැල්ල; තොපට කියමි. වෙනත් ඉමකින් ගසාගෙන ආ කුඩ මසුන් ය අප වර්ෂාවෙන් පසු ආපසු යනු නොහැකි වූ