මඟ නතර වූ වාහනයක මම අලුත් නගරයකදී ඔබව මුණ ගැසෙන්නට පතන ගැස්සෙන උරහිස පින්තාරු නොකළ මුහුණක අදීප්තිමත් සැණකෙළියක එළිය සොයන අන්තිමට; ශෝකයක් වුව එතරම් රළ නොගසන ප්‍රීතියක් වුව ඇති තරම් පෙණ නොනගන ඇති වෙන-නොවෙන-නැසෙන ප්‍රේමය සමඟ
Archive > December 2015
එයයි සුන්නදූලි වීම
දුරේක්ෂයකින් එකම තරුවක් නැරඹීම එයයි දඩුවම හදිසියේ තරු කිහිපයක් පියවි ඇසින් බලන්නට වුවමණා වීම අන්න එයයි සුන්නදූලි වීම
ඇය කරන පිළිවෙලටම
‘ඔබට; දෙළුම් ඇට විසුරවන්නත් පුළුවන පැණි රසැති යුෂ බිඳක් මුවඟින් මුවඟකට මාරු කරන්නත් පුළුවන කැබලිව කුඩු විසිවුණ දවසක් මුල සිට අලවන්නත් පුළුවන’ සමහර විට සමහර දෑ ඇය කරන පිළිවෙලටම රස නොදැනෙන්නත් පුළුවන
ඒ මල් උයන
හැකි විට උද්‍යානයෙන් මල් ඇට සොරා ගන්න ඔබ කියන්නේ දහවලෙත් ඇස් නොපෙනෙන බව ඕනෑ විට නගරයේ වතුර මල වෙනතකට හරවන්න ඔබ කියන්නේ කරාමය අලුත්වැඩියා කළ යුතු බව සුදුසු විට පෙම්වතුන්ගේ පිළිමය යට වැතිරීම ඔබ හිතන්නේ පිළිමය සරාගී වැඩි බව පෙම්වත; නොකෙරෙන දීගය ඒ මල් උයන තවම යහතින් පසුවන
හැම ඉරිදාම
හරියට නිකං හැම ඉරිදාම අපි හමුවුණා වගෙයි ගේ ඇතුළෙ ඇවිදිද්දි හිම වගේ පුංචි සීතල කුඩක් මුහුණෙ හැපෙනවා නරකම සිංදුවක වුණත් රොමෑන්තික පේලියක් අහු වෙනවා එහෙම හැම දවසකම ඔයත් ඉන්නවා දොරකඩම රෝස මල් අරගෙන පුංචි තෑගි ඔතාගෙන පුසුඹ කැළතෙන විලවුන් තවරගෙන හරියට නිකං මේ ඉරිදා අපි හමුවෙනවා වගෙයි
පැය අටක ක්‍රීඩාව
යකඩ සැට්ටය කදිමට ගැලැපේ මිමි නොගෙන මැසුවාට තොප ඊතළ දරන අගක විස සුඟක් තවරන නොනැවතී ඉලක්කගත වන පැය අටක ක්‍රීඩාවකි මෙය කිසිම නීතියකට යටත් නොවන
පිලිස්සුණ රාත්‍රියේ අඩ යම
නාදුනන දෙතොලක් ගැටී පිලිස්සුණ රාත්‍රියේ අඩ යම දැන් මේ අලුයම සිසිල ද කීතු වන