මඟ නතර වූ වාහනයක මම
අලුත් නගරයකදී
ඔබව මුණ ගැසෙන්නට පතන
ගැස්සෙන උරහිස
පින්තාරු නොකළ මුහුණක
අදීප්තිමත් සැණකෙළියක
එළිය සොයන
අන්තිමට;
ශෝකයක් වුව එතරම් රළ නොගසන
ප්‍රීතියක් වුව ඇති තරම් පෙණ නොනගන
ඇති වෙන-නොවෙන-නැසෙන
ප්‍රේමය සමඟ
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "ශෝකයක් වුව එතරම් රළ නොගසන"