රළක් එවමි නිදන අතරතුර හඬ නඟන්නට කුරුල්ලෙක් එවමි නිදන තුරු ගී ගයන්නට මලක් එවනු මැන වියලුණු පෙත්තක් ළඟ තබා ගන්නට
Archive > January 2016
දිවා සිහිනෙකටවත් නොඑන
ඔබ මගේ ජනේල වීදුරුවේ සුසුම් නොතබන දිවා සිහිනෙකටවත් නොඑන අමුතු පරිස්සම මා කිති කවන හෙවණට සිටි ගස් පවා කඩා හැලෙන ඇස දවන අව්ව මැද ඔබ සිනිඳු මල් නෙළන පෙති කඩන ජීවිතය; අලුත් තැනක පිපෙන්නට බැරිව එක මොහොතකින් පරවෙන
මාළු ටැංකිය;ඒ අය පීනන
මාළු ටැංකිය ඒ අය පීනන දිය සෙවළ බැඳුණ මාළු කෑම ගහණ ඔබ හදිසියේ මාළු ටැංකියට හිස පෙව්ව ෆයිටර් සහ කාෆ් මාළු අහිනක් දැක සිනාසෙන්නට මදක් නතර වුණ ලිස්සා ටැංකියට වැටුණ තෙත මාත්තු කර ගෝල්ඩ් ෆිෂ් වරළ ගෙදර ආ යුතුයි අමතක කර ඒ මොහොත සාරි ගබ්බින්ට ඉඩ දී ඔහේ පීනන්න ෆයිටර්ලාට ඉඩ දී අනෙකාගේ වරල් කන්න […]
ශෝකයක් නැති හදවතක්
පෙම්වත; ගැලවුණා වයලීනයේ තතක් වයන්නට නොදන්නා සුරතකින් පිළිසකර කරන්නට ඕනෑ මට ශෝකයක් නැති හදවතක් උරහිසේ තැවරි තැවරී රැදෙන්නයි රළු ඇඟිලි තුඩඟට පාඩුවේ නොඉන්නයි මේ වැයුම් ඔක්කොම හොඳටෝම පැටලෙන්නයි පෙම්වත; වයලීනයක් මෙන් ඔබ නිසොල්මන් වී හිඳින්නයි සියුම් බඳ නොසැලී තිබෙන්නයි ඔබ සියුම් සැත්කම් නොදන්නා බව කියන්නයි පෙම්වත; මගෙන් තව එක නාදයක්වත් නොනැගෙන්නයි
මගේ පා හඬට
විසාල ලී මේසය අසල බීරලු සැරසිලි ඇති පුටුවක වාඩිවී කළු-සුදු සඟරාවක් කියවන ඔබ හැරී නොබලයි මගේ පා හඬට පළල් උරහිස නොගැස්සෙයි මගේ කටහඬට ඔබේ ඇස දන්නවා මං ඉන්න තැන ඔබේ දෑගිලි දන්නවා තැවරෙන්න මගේ මුහුණත ඔබේ කොපුලත දන්නවා මගේ දෙතොලේ රශ්මිය එහෙත් කිසි විට හැරී නොබලන ඔබේ සිරුරට මං කුමක් කරන්නද ඊඩ්න් උයනෙනුත් අපිව නෙරපූ […]
විස ගලන අන්තිමම හාදුව
ඔබ ද සාංකාවේ කොටසක් ඒවා සිටි තහනම් උයනේම පළතුරක් දැන් මගේ හිත යට සර්පයන් සැරිසරන ළමැද කඳු ගැට උඩ දුහුල් කැලෑ මල් පිපෙන උදුපියලියා ගොල්ලක් උඩ රහසේම වැතිරෙන්න හිතෙන ඔබ ද සාංකාවෙ පටු දොරක් ඒව අතින් යතුර නැති වුණ වෙනත් තැන්වලින් අපි එහි ඇතුළු වන අඳුරු කොරිඩෝ දිගේ පැටලෙමින් ආලිංගන ලුණු රසයි නොහිතාම ඉදහිට කඳුළක් […]
නිල් පැහැති පිහාටුවකි
නිල් පැහැති පිහාටුවකි කාකයෙකු සතු විය නොහැකි දගර ගැසුණු නිය තුඩින් අල්ලාගෙන තැන තැන ගෙන පියාසර කළ ඔබ මිය ගිය පසු කුණු ගොඩක කුණු අනුභව කොට පොලිතින් කවරයකින් ඔතා වළලන්නට නොයෙදුණු ඔබේ කය කාක කය ප්රියය; ඒ නිල්වන් පිහාටුව වම් අත්තටුවෙන් ගලවාගනු ලැබුව සුළඟේ ගිය පසුව කාක කඳුළකට බරක් තිබෙනු හැකිද? පින්තූරය: Himali N. Liyanage
හත්වැනි තරුව
ඒ ඔබේ හත්වැනි තරුව ආලෝකයම ප්රාර්ථනා කරන මා ඔබේ සාහසික අන්ධකාරය පය පැකිලී වැටෙන්නට සිදු නොවන