ශතවර්ෂයකට කලින් අහස දම් පාටට තිබුණ දවසක කඩා වැටුණු උල්කාෂ්ම කැබැල්ලක් ගිනි රත් වෙමින් මගේ කම්මුලක් මත දැන් කිසි දවසක ඔබට ඒ කම්මුල් සිප ගන්න බැරි බව සම්පූර්ණ මුහුණුවර පේන්න පින්තූරයක් ගන්න බැරි බව අර්ධ දුකක් තරමක සැනසිල්ලක් දැන් හරිම වෙලාව නිදහසට කාරණා කියන්න ලියුම්,මුදු සහ විලවුන් බෝතල් නැවත දෙන්න අනෙත් කම්මුල සිපගෙන වෙන්වෙන්න
Archive > February 2016
පසුව ලියමි:
ඔබ තිලිණ කළ උද්‍යානය ද බුහුටි මල් පැළ ද නොතකා හරිමි මුහුදුබත් වූ නැවක් මෙන් පැරැණි ලස්සන සිහි කරන්නට ඔබට ඉඩ දී අලුත් මල් නො පිපෙන්න වඟ බලමි කියන්නට අමතක වූ දෙයකි; ගලවා ගතිමි කිණිස්ස ළය සිදුරු කළ එදවස දැන් ඉතිං උද්‍යානය ද මල් ද රාත්‍රී අහස ද ඔබට නැවත දිය හැකිය ඒවා වෙන අයකුට […]
විරාමයට පෙර
පිරුණු බඳුන; පුරව පුරවා මට ම පිරිනමන බිඳක් බොනු බැරිව ඉහිරවා ගන්න මේ ශෝකී නාටකය විරාමයට පෙර හැමදාම නිමා වෙන
තවම ලේ ගලන
තවම එතරම් තනි නැත; අත් හළද අත නොතකා සිටියද සිනහව ගලවා ගත නොහැක ළය සිදුරු කළ පිහි තලය ඔබ එවූ ත්‍යාගය මා සිරුර තුළ තවම ලේ ගලන
එතෙක් ඔබ
පතොරමක් මෙන් තුවක්කුවකින් ගිලිහුණ ඕනෑ අතක යන්න ඉලක්කය මඟ හැර එක්කෝ ඔබ පිපිරෙන්න එක්කෝ ඔබ අතරමං වෙන්න මම ඔබට කුඩා පිස්තෝලයක් එවන්නම් නිශ්චිත ඉලක්ක ගන්න ඕනෑ විට එතෙක් ඔබ; නිකරුණේ ගලා යන්න නිකරුණේ පිපිරෙන්න.
විකටයි මේ මොහොත
විකටයි මේ මොහොත මට ඔබව හිනස්සන්න නුවමණා වුවත් මගේ ඇතුළත විහිලු සහසක් කිති කවමින් මාව හිනස්සන
කඩු වැනෙනවා පෙනෙනකොට
කඩු වැනෙනවා පෙනෙනකොට පිල්ලම්වලින් ලේ ගලනකොට මොන බම්බුවක්ද මානව ප්‍රේමය අනිනවා මිස හදවත පසා වෙන්නම