සත්වෝද්‍යානය; එළියට වැඩිය නොපෙනෙන අපි හිටිය කූඩුව; පෙද, පාසි ගහණ උඩින් කොකාකෝලා හිස් කෑන් විසි කරන අසැබි වචන වක්කරන කෑමට මෙලෝ දෙයක් නොදෙන ඔහු හිටිය කූඩුව; තනිකරම රතු රෝස පිපෙන ප්රින්ගල්ස් ටින් පිටින් ලැබෙන බෝතල් වතුර වීදුරුවට දමා දෙන හවසට-හතරට කාටුන් පෙන්වන අති විශාල පුළුල් තිර දිව්‍යලෝකයක් මෙන් හිතෙන ඇය හිටිය කූඩුව; ඔහුව කිසිසේත් නොපෙනෙන්න […]
Archive > March 2016
අමතකව ම යා හැකි බැවින
අමතකවම යා හැකි බැවින් ඉදහිට; සිතින්වත් මා වැළැදගනු හැකිවෙද තරමක් ගොරෝසු වුව අතැගිලි සුවය ගෙනෙනු ඇත තරමක් ගිනියම් වුව ළමැද උණුසුම සිහි කරනු ඇත මිදී එනු බැරි තරමට යදම් ඇති වුව යතුර තවමත් ඔබේ ළඟ සොඳුර; අමතකව ම යා හැකි බැවින
රැහැනක්ව
ඔහු; ඇය ළඟම රැහැනක්ව පයක් මෙගොඩින් තබාගෙන එගොඩ වන්නට මගේ අත ඉල්ලන මම; වීදුරු ගෙයක් හදාගෙන ත්‍රිකෝණයක් ඇතුළට වැදීගෙන ඔහුගෙ සිතම යළි ඉල්ලන
පිළිමයක්; ප්‍රේමය ගැන මොනවා දන්නවාද
වාත්තු කළ කිරිගරුඬ පිළිමයක් ප්‍රේමය ගැන මොනවා දන්නවාද ඇලෙන්නට දැවෙන්නට වුවමණා විට එකම සිනාවෙන් ඉන්නට නම් දන්නවාය කුමන ඍතුවක කුමන පාටක් තිබුණත් එකම ඉරියව්වකින් නරඹන්න ඔබ දන්නවාය සෙලවීමක්වත් නොලැවෙන බව දැනගෙනම මගේ ප්‍රේම සක්මනත් ඔබ දන්නවාය ඒත්; උස්සා විසි කරන විට කුඩුපට්ටම් වන කැබලි ගණන ඔබ දන්නවාද?
දුරින් දුර පිපුණා විතරයි
ඇල්බමයක සේයා රූ ගොන්නක සිනාසීගෙන ඉන්න විට ඔබ දුරින් දුර පිපුණා පමණක්ය සිතින් සිත හැමුවා පමණක්ය මේ ඔබ ඉන්න තැන කටු කම්බි ගසා පෙන්වයි මට මේ මම ඉන්න තැන ගිනි දළු මවා පෙන්වයි මට ඉතා සුළුවෙන් ආදරය ලද හැකිවෙයි මට ඉතා සුළුවෙන් තාප්පයක් බැදිය යුතු වෙයි මම දුරින් දුර පිපුණා විතරයි සොඳුර සිතින් සිත හැමුවා […]
ඔබේ සෙවනැල්ල
කැබලි ලෙස පවතින ආලෝකයක් යට මට ඔබේ සෙවනැල්ල සොයා ගනු නොහැකිය නිතර පවතින චලිතයක පැහැදිලි රූප ඉල්ලාගත නොහැක මේ මොහොත ඒ මොහොතෙන් ගැලවෙන විට තවත් මොහොතකට පාර සැකසී ඉවර වෙන නැසෙන-පවතින කාලයක ආදරයම ඉල්ලා හඬනු හැකිද ඔබේ කැබැල්ලක සිහින් ස්මෘතියක කැමැත්තෙන්-අකමැත්තෙන් පාවීම හැර අන් යමක් තිබේවිද
නාගරික චූල සංස්කෘතියේ අලුත් මුහුණ | Colombo Hippie Market
හිපි මාකට්ටුව තිබුණේ හැංගිලා ය. කොටින්ම කියනවා නම් බී.එම්.අයි.සී.එච් පරිශ්‍රයට අල්ලපු ඉඩමේ වුවත් බී.එම්.සී.එච් නම් ඒ ගැන කෙළ බිඳක් හෙලුවේ නැත. යාබද පල්ලිය තමන්ට වුවමණා තරමට ගාම්භීරව උන්නා මිස ‘මේං මේ පැත්තෙන් යන්න. ගියාම වම් පැත්තෙ නුග ගහක් තියෙනවා’ යැයි කීමටවත් කාරුණික වුණේ නැත. හිසට ඇලුණු කැරැළි කොණ්ඩා සහිත, බාච්චු ඇඳුම් ඇඳගත් තරුණයන් කිහිප පොලක් […]
වෙනම සාහිත්‍යාලංකාරයක් ඉපැදවූ GLF
සමර ගෑ බිත්ති මත උදෑසන අව්ව ඇලවී සිටියෙන් ඒ මත සෙවනැලිය. ගාල්ල කොටුව ඇතුළත උදෑසන මහත් කලබල ය. ජේත්තුවට ඇඳගත් මනාල යුවළ එකිනෙකා ලුහුබඳිමින් ෆොටෝ අල්ලනු පෙනේ. ඒ මැද ධාවනය වන මොරිස් මයිනර් රථය. ගාල්ල කොටුවෙන් ඇතුළුව වීදි පසු කර, විශාල නුග ගස් පසුකර එක් වම් නැම්මකි. දකුණත් නැම්ම රැජින පාරට ය. වම් නැම්ම දිගේ […]
සුළඟේ නොයනු පිණිස
Himali N. Liyanage සමඟ සුළඟේ නොයනු පිණිස කහ පැහැ ගත් ආදර හසුන් කිහිපය; වීදුරු බරණුවක් තබා ඇත ඒ මත ඒත් ඒ බරට මගේ හුස්ම හිර කරන කිසිවෙක් නොදන්න ලියුම් පමණක් සුරකින්න හිතන හදවත උඩ බර තබන ඉරා ඒ පිටු සිහින් කැබැළි කර විසි කළත්, හදවත නැවත නැවත්තත් පිළිසකර වෙන බරම දැරුමට