සත්වෝද්‍යානය;

377847d7229689ddb260d8db0f1a1588

සත්වෝද්‍යානය;
එළියට වැඩිය නොපෙනෙන

අපි හිටිය කූඩුව;
පෙද, පාසි ගහණ
උඩින් කොකාකෝලා හිස් කෑන් විසි කරන
අසැබි වචන වක්කරන
කෑමට මෙලෝ දෙයක් නොදෙන

ඔහු හිටිය කූඩුව;
තනිකරම රතු රෝස පිපෙන
ප්‍රින්ගල්ස් ටින් පිටින් ලැබෙන
බෝතල් වතුර වීදුරුවට දමා දෙන
හවසට-හතරට කාටුන් පෙන්වන
අති විශාල පුළුල් තිර
දිව්‍යලෝකයක් මෙන් හිතෙන

ඇය හිටිය කූඩුව;
ඔහුව කිසිසේත් නොපෙනෙන්න
කුඩා දර්පනයක් පමණක් තිබෙන
ඔහුගේ කෑල්ලක් පෙනෙන
අපෙත් හරි අඩක් පෙනෙන

ඒ; ඇයට පෙනුණ කෝණය
තරමක් විපරීතව

කූඩුවෙන් එළියට
අනේ ඔක්කෝම එක විදිහට
ගන්දස්සාරය සහිත
සත්තු වත්තේ කූඩු රාශිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "සත්වෝද්‍යානය;"

  1. නුවර කුමාරි
    11/03/2016 at 4:27 am Permalink

    මේක නම් සංකීර්ණ කතාවක් නේද? ඉතාම ලස්සනයි.

    මෙතැන මාව වික්ෂිප්ත උනා… සමහරවිට විරාම ලක්ෂණයකින් පුළුවන් වෙයිද විසඳන්න?? ඒ කියන්නේ ඔහුව කිසිසේත්ම නොපෙනෙනවා නම්, දර්පණයකින් අඩක් පෙනෙනවා කියන්නේ ඇයි ? මගේ වරදවා වටහාගැනීම විසඳන්න පුලුවන්වෙයිද?

  2. ඇයට කෙලින්ම නොපෙනෙන්නයි ඔහුව තියලා තියෙන්නේ.
    හැබැයි දර්පනයක් නිසා ඈට ඔහුව පේනවා. මේක නිකං වෙන් කරන්න ඕනවට කරපු වෙන් කිරීමක් වගේ එකක්.
    මතුපිටට පේන්න වෙන් කරලා. ඒත් දර්පනයක් දීලා ඕන නම් බලාගන්න කියලා.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com