Archive > April 2016

අප අතර

ඔබ දිය නාන අතර මට මුද්‍රික පානය බොනු හැකි නම් කම් නැත ඔබ තනිව තැනක හැංගී හඬන විට මට මුහුදේ රළ අතර නැලවිය හැකි නම් කම් නැත අප අතර බොහෝ දේ හුවමාරු වන ඒත් ඔබේ දුක ඔබ ළඟම නම් මගේ ළඟ මොනවා ඉතිරි වුණත් මොකටද

Continue reading

සෑම පෙමකම රෝස මල්

සෑම බස් නැවතුමකම අතක් අත් හැරී ඇත හිතක් බිම වැටී ඇත ඉතා ගැඹුරට කැන්නොතින් හෙම තාර යට ලේ ගලනු දැකියැකි අංශු විදිහට විසිරි පැතිරුණු නේක පැහැ හදවත්ම දකිතැක එහෙම වෙන එක නොකිය සිටියට සෑම පෙමකම රෝස මල් ඇත

Continue reading

ඔබේ වෘක දත; සඳුන් සුවඳ හමන

බිම් මල ගැලව ගිය පසු සුළි සුළඟට සුරංගනා පිහාටුත් ගලව ගත්තා ඔබ පැල්ලම් අපිට පෙනෙන්නට ඉතිරි කර විස බිම් හතු කොහෙන් පැළ වෙළාද ඒ සුසුවඳ බිම් මල් යටම රාත්‍රී සාදයට දැන් ඔබ වයින් ගේනවා නොවරදවාම මත් වී නටන්නේ විස බිම් හතු වෙතට එකිනෙකා කැදවාම මේ ඔබේ බාල් නැටුම අපට තාල අල්ලන්න නොතේරෙන මේ ඔබේ ද්වන්ද [...]

Continue reading

ආදරෙයි කියන්නට බැරි වූ එකම දවස

වෙඩි බෙහෙත් ගබඩාව ඔබ ගිනි තියපු පුළුන් පුරෝපු කොට්ටා ඔබ පුපුරුවා හැරපු කුඹ ගස් කැපූ නෞකාව ඔබ ගිල්ලවපු මට; ආදරෙයි කියන්නට බැරි වූ එකම දවස හුස්ම නොගෙන ඔබ මිය ගියපු

Continue reading

රිදුණු තැන්

අතපසු වෙන්නට පෙර රිදුණු තැන් පිරිමදින්නට දන්නා තැන්වල ඇති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කරමි පිපිරෙන්නට ආසන්න හදවතක ඔරලෝසුව යළි කරකවමි අන්තිමට; සියල්ල වැරැදී පිපිරෙමි

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com