අවුරුදු කිහිපයක් දිග පැය දෙක-5 to 7

movies-5to7-040315-videoSixteenByNine1050

ඔහු ලිවීමේ ලාලසාවෙන් පෙළෙයි. දිවා, රෑ නොතකමින් කියවමින්, යළි ලියමින් ගෙවන ඒ ජීවිතය භයානක රෝගයක් වැනිය. එතෙක් කල් පාර මාරු වූයේත්, ආහාර ගත්තේත්, දෛනික ජීවිතයේ සියලු කටයුතු කළේත් අවිඥානිකවය. එහෙත් හදිසියේ ම දිනෙක ඔහුට සිහි බුද්ධියෙන් යුක්තව පාර මාරු වන්නට වැඩ කටයුතු සලසවන්නේ රූමත් කාන්තාවකි. ඈ පාරෙන් අනෙක් පස සිට දිගු ඇඟිලි දෙකින් අල්ලා ගත් සිගරටයක් අමුතු තානයකින් යුක්තව උරා බොයි. දැන් බ්‍රයන් බෲම් ලොකු අමාරුවකු වැටෙන්නට යයි. පැකිලීමක් නැතිව ඈ ආසන්නයට යන හෙතෙම කබා සාක්කුවෙන් ගත් ලයිටරයකින් තම දුම් වැටිය දල්වයි. සංවාදයක් අරඹන්නට පෙනෙන්නට තිබූ එකම හිඩැසින් ඔහු සූක්ෂම ලෙස රිංගා යයි. ඇගේ මුහුණත වලකාගත් සිනහවකි. දුම් බොන්නන් ගැන යමක් කියන ඔහු බලාපොරොත්තු සහගතව ඇගේ මුහුණ බැලූ තැන ඈ වීසි කරන දෙබස පුදුමය.
'දුම් නොබොන කාවවත් මං විශ්වාස කරන්නෑ'
'අපොයි ඔව්. මං විශ්වාස කරන්නෙත් නෑ. ඒ අය තමන්ටම ගැනම අනවශ්‍ය තරමට ඇලුන අය'
'හරියටම හරි.'
දැන් ඉතින් ඇවිළෙන්නට නොතිබුණු ගිනි පුපුරක් අවුළුවා අවසන්ය.
five_to_seven_ver2_xxlg
'ෆයිව් ‍ටු සෙවන්' යනු අමුතු ආදර අන්දරයකි. එහෙම නොවන්නකි. අවුරුදු 24ක තරුණ නවකතාකරුවකු වන බ්‍රයන් බ්ලූම් හට මුණ ගැසෙන වයස 33ක විවාහක කාන්තාවක වටා බැදුණකි. සබඳකම් හට ගැනීමෙහි ඉමක්, කොණක් හෝ සීමාවක් නොමැති බව කියන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ වික්ටර් ලෙවින් විසිනි. නිෂ්පාදකයන් හතර දෙනෙකි. ඒ, බොනී කර්ටීස්, සෑම් එන්ගල්බර්ඩ්, විලියම් ඩී. ජොන්සන්, ජූලී ලියෑන් ය. විනාඩි 95ක් පුරා දිව යන මේ සිනමාපටය නිකුත් වී ඇත්තේ 2014 අප්‍රේල් 19 වැනිදා ය. මෙහි බොක්ස් ඔෆීස් ආදායම අමෙරිකානු ඩොලර් 675 000කි. ඉංග්‍රීසි බසින් සහ ප්‍රංශ බසින් නිකුත් කළ 'ෆයිව් ‍ටු සෙවන්' හි බ්‍රයන් බ්ලූම් ලෙස රඟන්නේ ඇන්ටන් යෙල්චින් ය. සුරූපී බර්නීස් මාර්ලෝ රඟන්නේ ආරියෙල් පියර්පොන්ට් ලෙසය.
බ්‍රයන් ව දෙවන වර හමුවීමෙන් ඉක්බිතිව ඈ තමන්ගේ තතු හෙළි කරයි. තමා විවෘත විවාහයක පසු වන අතර දරු දෙදෙනෙක් ද සිටින බව පවසන ඈ බ්‍රයන්ගේ ආශාව බිඳ හෙළන බවක් සිතුණත් එය එසේ නොවේ. තහනමක් ඇතැයි සිතා ස්ත්‍රීයක හා සබඳකමක පසු වීමේ ප්‍රමෝදයෙන් ඔහු පසුවෙයි. එහෙත් සාමාන්‍ය ප්‍රබෝධය මේ ප්‍රංශ ස්ත්‍රීය විෂයෙහි බල නොපවත් වන බව හෙළි වන්නේ කෙටි කලක් ගත වූ පසුය. එනම් සවස 5 සිට 7 තෙක් පැවැත්වෙන මේ අනියම් සම්බන්ධය පිළිබඳ ඇගේ සැමියා ද දැනුවත් බවයි.
920x920
මේ නාටකීය මොහොත ඉනිදු අවසන් නොවේ. බ්‍රයන් ට ඇගේ නිවසට පැමිණීමට ආරාධනා ලැබෙන අතර ඇගේ සැමියා සහ දරු දෙදෙනාව හඳුනා ගැනීමට ද ලැබේ. ඒ සා සංකීර්ණ සබඳකම් පැවතිය හැකිද කියා නැ‍ඟෙන පළමු ප්‍රශ්නය සිනමාපටය ඇසුරෙන් නම් විසඳා ගත හැකිය. එහෙත් මේ අතිශය භයානක ක්‍රීඩාවක් බව තිරෙන මෙහා සිටින ප්‍රේක්ෂකයාට හැඟී ගොස් අහවරය.
පළමුව ආරියෙල් ගේ සැමියාත්, දරුවනුත් ඉන් නොනැවතී ඇගේ මවුපියන් හමුවීම ප්‍රේක්ෂකයාව තිගස්සවන තරමට බ්‍රයන්වත් තිගස්සවයි. මෙතරම් සරලව තමාගේ ස්ත්‍රීය වෙනකෙකුට ආලය කිරීම කිසිම පුරුෂයකුට පිළිගත හැකිදැයි යන ප්‍රශ්නයෙන් දිගින් දිගටම ඔහු පෙළෙයි. එනම් තහනම සමඟ පැමිණෙන ත්‍රාසය ඔහුට අහිමි වීමේ හිඩැස පුරවා ගැනීමට යමක් ඔහු සොයයි. බැලූ බැල්මට ඉතාම සංවිධානාත්මකව සහ ක්‍රමාණුකූලව ගොඩනංවා ඇති මේ සම්බන්ධයේ ගැ‍ටුමක් ඇති වීමට තැනක් නැත. 'ෆයිව් ‍ටු සෙවන්' සුවිශේෂී වන්නේ එහෙයිනි. සංස්කෘතික විරෝධී ලෙස හැ‍ඟෙන මේ සබඳකම කිසි විටෙක සාධාරණීයකරණය කිරීමට සිනමාපටය උත්සාහ කරන්නේද නැත. සියලු අමුද්‍රව්‍ය අපටම ඉදිරිපත් කර තීරණයක් ගැනීමට ඉඩ සලසා ඇත.
maxresdefault
එතෙක් කාලයක් අසාර්ථක ලේඛකයකුව සිටි බ්‍රයන් ගේ සැබෑ ලිවීම ඇ‍රැඹෙන්නේ මේ සබඳකම සමඟය. එනම් සැබෑ ජීවිතයේ යම් කොටසක් ඔහු විසින් අත් විඳින්නට ගත් පසුවය. බ්‍රයන්ගේ කෙටි කතාවකට 'නිව් යෝකර්' සඟරාවෙන් සම්මානයක් ලැබෙයි. ප්‍රකාශකයකු ඔහුගේ කතාන්දර පළ කිරීමට එකඟ වේ. තරමක් ආපස්සට ගමන් කළොත් බ්‍රයන් ගේ ලියන මේසය ඉදිරිපිට ඇති බිත්තිය සරසා ඇති ලිපි රාශිය ඔබට නැ‍රැඹිය හැකිය. ඒ ප්‍රකාශන සමාගම් විසින් ඔහුගේ කෘති ප්‍රතික්ශේප කර එවන්නට යෙදුණු ලිපිය. මේ අසාර්ථක ලේඛකයා සාර්ථක වන මොහොත දැන් ඔබ මතක තබා ගත යුතුය.
බ්‍රයන් යනු තහනම ඉවත් වූ පසු ක්‍රීඩාවේ යෙදෙන්නෙකු නොවන බව ඔප්පු කරමින් ඔහු ආරියෙල් වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. පහසුවෙන් එය ප්‍රතික්ශේප කරන මුත් ඇගේ මුහුණේ ඉරියව් සහ තැතිගැන්ම අපට වටහා දෙන්නේ ඒ ප්‍රතික්ශේප කිරීම කෙතරම් ඈ පෙළන්නේදැයි කියාය. තහනමක් නැතැයි සිතුවද සියුම් හුයක් සේ පෙනෙන ඒ තාප්පය මෙතෙක් කිසිවකු විසින් බිඳ නැත. ඈ ඔහුව ප්‍රතික්ශේප කරන්නේ තමන් අතර තිබෙන වයස පරතරය හේතුවෙනි. අවසන ඈ ඔහුගේ විවාහ යෝජනාව සහ මුදුව පිළිගන්නා අතර ඊළඟ දිනයේ හමුවන ලෙස කියයි.
සැබෑ නාටකීය අවස්ථාව උදා කරමින් ඇගේ සැමියා පැමිණ බ්‍රයන්ගේ කම්මුලට ගසයි. ඔහුට වියදමට කියා ඩොලර් 25 000ක චෙක්පතක් ලබා දෙයි. ඊළඟ දිනයේ ඈ මුණ ගැසීමට හෝටලයට ගිය බ්‍රයන්ට හමු වන්නේ හිස් කාමරයක් සහ තම පෙම්වතිය දුන් ලියුමකි. ඈ ඔහුට ප්‍රේම කරන මුත් සැමියා සහ දරුවන් හැරදා පැමිණීම කළ නොහැක්කක් බව එහි සඳහන්ය. බ්‍රයන් ඈට දුන් මුදුවද ඒ සමඟ වෙයි. ලියුම දුන් තැනැත්තාට මුදුව ලබා දී ඔහු පවසන්නේ එය ඈ වෙත ලබා දෙන ලෙසයි.
960
කෙතරම් සාමාන්‍ය සබඳතා අභිබවා අතරමැදක පසු වීමට මිනිසාට හැකි යැයි සිතුවද එය එසේමද? එහි ඇති සීමා ඉර ඉක්මවා ගිය තැන සිදු වන වෙන්වීම හැර අන් යමක් ලැබෙනු ඇතිද? බ්‍රයන් විෂයෙහි මේ ප්‍රංශ ගැහැනිය බල පැවැත්වූයේ එතරම් සරලවද? ප්‍රේමය සහ එහි උත්කර්ෂය හිමි කර ගැනීම තෙක් පමණක් පවතීද? මිනිස් සබඳකම් සංකීර්ණ තරමට ම ලිහී, බිඳී යන්නේ මන්ද? කිසි විට ප්‍රේමය එකිනෙකා තුළ පවතීද?
ප්‍රශ්න ‍රැසකි. පිළිතුරු ද රාශියකි.
හද බිඳුණු බ්‍රයන් නවකතාවක් ලියයි. ඒ ආරියෙල් හමුවන පළමු මොහොතේ ඇගේ නම පිළිබඳ බ්‍රයන් පවසන වදනකිනි. 'ද මර්මේඩ්' නමින් ප්‍රකාශයට පත් කෙරුණු ඔහුගේ පළමු නවකතාව අති සාර්ථක වෙයි. විවාහකව දරුවකු සමඟ එළිමහනේ ඇවිදින මුහුකුරා ගිය බ්‍රයන් සහ බිරියට ආරියෙල් සහ සැමියාත්, දරුවනුත් හමු වෙයි. ඉතාම සූක්ෂම ලෙස ඈ තම අත් වැස්ම ගලවා බ්‍රයන් එවූ විවාහ ගිවිස ගැනීමේ මුදුව පෙන්වයි. 'ෆයිව් ‍ටු සෙවන්' පැය දෙකක් පමණක් නොවෙන තරමට ලොකු කාල පරාසයකි.
කාංචනා අමිලානි
පුවත්පත් සබැදිය :

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "අවුරුදු කිහිපයක් දිග පැය දෙක-5 to 7"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com