ලෝකය විනාශ කරන්නට මරණීය බෝම්බයක්-12 Monkeys

trxbxg6slwkxouvw8ams
2043 දවසක හිම වැටෙයි. රේඩියෝවකින් අඩු ස්වරයේ ගීතයක් වාදනය වනු ඇසෙයි. පසුබිම් කටහඬකින් අසන්නේ 'දැන් ඔබ කුමක් කරනවාද?' කියාය. ඉතා උණුසුම් තැනක, දැඩිව ආදරය කරන්නෙකු සමඟ සිටිනවාද කියාය. එහෙත් ඊළඟට ඔහු පවසන්නේ ඒ සාමාන්‍ය ජීවිතය තව දුරටත් වලංගු නැති බවයි. සාමාන්‍ය ලෝකය තව දුරටත් අදාල නොමැති බවයි. නොමැරී ජීවත් වීම පමණක් දැන් ඉතිරිව ඇති බවයි.
එහෙත් අපූරු ප්‍රශ්නයක් දැන් ඔබෙන් විමසයි. ඒ අහිමිව ගිය සියල්ලම නැවත ලබා ගත හැකි නම් කුමක් වන්නේදැයි කියාය. සියල්ල ආපිට හැරවීමේ ස්විචයක් ඔබ සතු නම් එය නොතකා හරින්නේදැයි කියාය. මේ ඉඟිය කාලය හරහා ගමන් කිරීම පිළිබඳය. කාලය හරහා ගමන් කළ මිනිසකු සමඟ එපිසෝඩයෙන් එපිසෝඩයට අතීතයටත්, අනාගතයටත් නරඹන්නාට යාම සිදු වන්නේ ඊළඟටය. ඒ  '12 මන්කීස්' සමඟය. මේ රූපවාහිනී කතා මාලාව විද්‍යා ප්‍රබන්ධ කලාවේ වෙනත් පිම්මක් පැන්නකි.
ජේම්ස් කෝල් අත අත් ඔරලෝසුවකි. ඔහු පවසන්නේ
'ඉක්මනින් හමුවෙමු' කියාය. දැන් ඡේදනය 2013ටය. පෙර කීවාක් මෙන් මේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රියාවලියට මෙවර නරඹන්නාත් ඇතුළත්ය. ඔහුත් ජේම්ස් කෝල් සමඟ නොයෙක් පිමි පනියි. ඔරලෝසුව අයිති යුවතිය අපට හමු වන්නේ ඊළඟටය. ඈ බරසාර දේශනයකය. ඒ ද ලොව විනාශ කරන සුළු ලෙඩ රෝග සහ වෛරස පිළිබඳය. ඈ කැසැන්ඩ්‍රාය.
'12 මන්කීස්' යනු විද්‍යා ප්‍රබන්ධ රූපාවාහිනී කතා මාලාවකි. ප්‍රකට 'සයිෆයි' චැනලය ඔස්සේ විකාශය කරන ලද මේ කතා මාලාව 1995 මේ නමින්ම නිපැයූ සිනමාපටය ඇසුරින් තැනුනකි. ටෙරී මැටලාස් සහ ට්‍රැවිස් ‍ෆිකට් දෙදෙනා විසින් නිර්මාණය කළ '12 මන්කීස්' සයිෆයි චැනලය ඔස්සේ මුදා හැරියේ 2015 ජනවාරි 16 වැනිදාය. කොටස් 13න් සමන්විත පළමු වෙළුම මහත් ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනු ලැබුවේ බලාපොරොත්තු නොවූ අයුරකිනි. එකී ප්‍රේක්ෂක ප්‍රතිචාරය හේතුවෙන්ම එහි දෙවැනි වෙළුම 2016 අප්‍රේල් 18 වැනිදා මුදා හැරීමට ඔවුන්ට සිදු විය. මේ වන විට දෙවැනි වෙළුමේ එපිසෝඩ 06ක් විකාශය වී අවසන්ය.
මෙහි මූලික කතා තේමාවට අනුව ජේම්ස් කෝල් වසර 2043 සිට අතීතයට ගමන් කරනු ලබයි. ඒ 'ද ආමි ඔෆ් 12 මන්කීස්' නම් සංවිධානයක් විසින් පරිසරයට මුදා හරින මරණීය වෛරසයක් මුදා හැරීම නැවැත්වීම පිණිසය. ජේම්ස් කෝල්ගේ වර්තමාන කාලයේ මුදා හැරෙන මේ වෛරසය හේතුවෙන් ජනගහනයෙන් 93.6%ක පිරිසක් මරණයට පත් වේ. දක්ෂ විද්‍යාඥවරියක වන කැසෙන්ඩ්‍රා රේලි සහ ගණිතඥවරියක මුත් ස්වල්ප උන්මාදයක් ඇති ජෙනිෆර් ගොයින්ස් සමඟ වර්තමාන ලෝකය බේරා ගැනීම වෙනුවෙන් කරන අරගලයයි.
වසර ගණනාවක් මුළුල්ලේ කරන ලද පර්යේෂණ ඇසුරින් නිර්මාණය කරන ලද '12 මන්කීස්' හි පළමු එපිසෝඩය ලියා ඇත්තේ ටෙරී මැටලාස් ය. ඔහු වඩාත් ප්‍රකට 'ටෙරා නෝවා' රූපවාහිනී කතා මාලාවේ රචකයා ලෙසිනි.
t3hk7ycj1jaymt3byhvx
ජේම්ස් කෝල් ලෙස රඟන ඇරන් ස්ටැන්ෆර්ඩ් මෙන්ම කැසැන්ඩ්‍රා රේලි ලෙස රඟන ඇමන්ඩා ෂුල් ගේ රංගනය පැසසුම් ලැබිය යුතු තරම්ය. කැත්‍රීනා ජෝන්ස් ගේ චරිතයට පණ පොවන බාබරා සුකෝවා සහ ජෙනිෆර් ගොයින්ස් ගේ චරිතය රඟන එමිලි හැම්ප්ෂයර් වඩාත් කැපී පෙනෙන රංගනයක නිරත වේ.
මීට පෙර නරඹා ඇති විද්‍යා ප්‍රබන්ධ අතර කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමවේදය භාවිත කර ඇති ආකාරයට වඩා වෙනස්ව '12 මන්කීස්' හි කාලය හරහා ගමන් කිරීම භාවිත කර ඇත. එහි ඇත්තේ විශ්වාසයට ඉතා සමීප පෙණුමකි. බලය සහ අයිතිය සමඟ මිනිසුන් සටන් කරන මොහොතක පෘථිවියෙන් මුළුමහත් ජනගහණයක් පවා අතුගා දැමීමට එකී මිනිසුන් පසුබට නොවන බව යළිත් මතකයේ තබා ගත යුතුය. විද්‍යාවේ දියුණුව සහ මිනිසාගේ දියුණුව ගමන් කරන්නේ නරක දිශාවකට බව '12 මන්කීස්' යළිත් අපට ඉඟි කරයි. ඒ ඉඟිය නොසලකා හැරිය නොහැකි තරම්ය.
'12 මන්කීස්' පළමු වෙළුමේ පළමු එපිසෝඩය නැ‍රැඹූ අමෙරිකානු ප්‍රේක්ෂකාගාරයේ තරම මිලියන 1.35කි. ටොරන්ට් මඟින් කරන ලද බාගත කිරීම් සහ වෙනත් රටවල ප්‍රේක්ෂකාගාරය ගණනය කිරීම අපහසුය. ඒ සා ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් පළමු එපිසෝඩයට සාපේක්ෂව දෙවැන්න තරමක් පසුබා ඇත. ඒ මිලියන 1.10කි. ඉන් පසුව එහි නරඹන්නන් ප්‍රමාණය ක්ෂය වෙමින් පැවතීම දැකිය හැකි විශේෂම ලක්ෂණයකි.
81lejKgccvL._SL1500_
එමෙන්ම කාලය හරහා ගමන් කිරීම පිළිබඳ මිසෙක කාලයේ වෙනස දැක්වීමට පරිසරයේ සහ මිනිසුන්ගේ කිසිදු වෙනස්කමක් දැක්වීමට ඔවුන්ට අතපසු වී ඇති සැටියකි. වසර 2013 සේම වසර 2043 පරිසරය එක සමානව පැවැතීම විශ්වාසයෙන් බොහෝ දුර ඈතය. අවම වශයෙන් යාන වාහන සහ ගොඩනැගිලි ආදියේ පවා දියුණුවක් දක්නට නොතිබීම පුදුම සහගතය.
කෙසේ නමුත් '12 මන්කීස්' යනු රූපවාහිනී කතා නරඹන ප්‍රේක්ෂකාගාරයට වර්ණවත් දුම් බෝම්බයක් හෙළීමකි. ටොරන්ට්ගත ප්‍රේක්ෂකාගාරය නම් තවමත් ඒ වර්ණවත් දුම් බෝම්බයේ එළියෙන් සහ නොනවතින කැස්සෙන් පීඩා විඳින සැටියකි.
ඉතිං මනුෂ්‍යත්වය සහ ආදරය මතක් කිරීමට ලෝකයට මරණීට බෝම්බයක් වුවමණාද?

කාංචනා අමිලානි
පුවත්පත් සබැදිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ලෝකය විනාශ කරන්නට මරණීය බෝම්බයක්-12 Monkeys"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com