වලාකුළු ගැන ඔබ හිතන දේ: ආයෙ නාවොත් ඊයෙ හිටි පාටටම කතා කරන්නෑ මම වචනයක්වත් යන්න අරිනවා පාවෙවී තව දියවි දියවී අහස ඇතුළට වලාකුළු ගැන මම හිතන දේ: කොහෙන් හරි මතු වෙලා එකවර පෙනුණොතින් ඇති කිසිම පාටක්, කිසිම හැඩයක් නැති වුණත් මට බලා ඉන්නට වලාකුළු: ආදරේ විතරයි චලිතය අපි වෙන වෙනම හිටගෙන එක තැන ඔබ ගමන් […]
Archive > August 2016
ලෙහෙනියක සේ
ලෙහෙනියක සේ මුළු මුහුදම හිස් කරමි හමු වේ යැයි කිසිවකු කීවොත් අත වැරැදී බිම වැටුණ ඔබේ පෙම
මේ අසීරු ජීවිතය;
කිසිම උපමාවක උපමේයකට ලඝු නොවන තිත්ත පළතුරකත් පැණි රස හොයන මේ අසීරු ජීවිතය; දිය ඇලි කිහිපයක හදිසි නොපෙනි යාමක් ද? හරියටම පහළ වුණ තැන විතරක්ම පෙන්වන ඉන් පස්සෙ අතුරුදන් වෙන මං දැන් හිතන්නෙ එහෙම සමාවෙන්න