පිළිම බිඳුණ පසුත් දෙවියන් සෙවිය යුතුද මල් පහන් සුවඳ දුම් ගෙන ආ යුතුද යාතිකාවක් අතරමඟ ඝණ්ඨාව නාද කළ යුතුද පිළිමයේ කැබලි අහුලන අදේවවාදී මට; තව ඉවසන්න කිව යුතුද හුස්ම ගන්න-හඬන-සිනාසෙන සාමාන්‍ය ජීවිතයකට එගිර-මෙගිර යා වන තෙක් උන් පයම සිටින්නට කිව යුතුද පෙම්වත; තව කොතෙක් පෙම් කළ යුතුද තව කොතෙක් අන් දෑ අත් හළ යුතුද මා […]
Archive > September 2016
ඒ මලම
අතු පහත් කර ඒ මලම පෙන්නා ඉල්ලූ කෙනෙකු ආ විට ගහක් කොහොම තියා ඉන්නද පර වී වැටෙනකන් මලක් එක සීරුවට
ඒ රහස
සව් කඩදාසි මෙන් දුහුල්ව වීදුරු බිත්ති සේ එහා-මෙහා පෙනෙන ලොකුම කතාවක අත් හරින තීරුවේ අප දැන් මොනවා කරන්නද දියවී ක්ෂය වී යනවා මිසක ඒ කතාවේ කිසි තැනක නොසිටි විදිහට හැමදාම කළා මෙන් සැලසුම් විරහිතව
ගැලැවූ මීමැසි තුඩක් මෙන්
ආදරය; ගැලැවූ මීමැසි තුඩක් මෙන් රිදුම් දෙන තුවාල වූ තැන සිහින් සිදුරක් ඉතිරි වන
යළි පිපුණත්
සමහර විට ඒකම වෙන්න ඇති ලොකු ගහක් උගුල්ලලා දාන ක්‍රමය ලස්සන ම මල් පිපෙන අතු කිහිපය කප්පාදු කිරීම යළි පිපුණත් ලස්සනක් නැති බව කීම ඒ මත විසෙන් අංශුවක් තැවරීම මැරෙන තෙක් බලා සිටීම
කොයිතරම් දේ තියෙනවාද
කොයිතරම් දේ තියෙනවාද ඔබට එවන්නට ගලවා ගත නුහුණු තාරුකා ද; පින්තූර ගන්නට පෙර පැන දුවන සඳ ද; ඒ අතර ඉහළින්ම ඔබ හොඳින් දන්නා ආදරය; ඊට තරමක් පහළින් හොඳට පෙනෙන තැනක