පිළිම බිඳුණ පසුත්
දෙවියන් සෙවිය යුතුද
මල් පහන් සුවඳ දුම්
ගෙන ආ යුතුද
යාතිකාවක් අතරමඟ
ඝණ්ඨාව නාද කළ යුතුද
පිළිමයේ කැබලි අහුලන
අදේවවාදී මට;
තව ඉවසන්න කිව යුතුද
හුස්ම ගන්න-හඬන-සිනාසෙන
සාමාන්‍ය ජීවිතයකට
එගිර-මෙගිර යා වන තෙක්
උන් පයම සිටින්නට කිව යුතුද
පෙම්වත;
තව කොතෙක් පෙම් කළ යුතුද
තව කොතෙක් අන් දෑ අත් හළ යුතුද
මා ඔබේ නිර්වාණයට එළැඹෙන්නට පෙර
තව කොතෙක් ඉවසා සිටිය යුතුද
ප්‍රතිචාර
Powered by Facebook Comments
20/09/2016 at 5:56 am Permalink
ඉක්මන් කෝපයෙන්
පිළිම පොලොවේ ගසා
කඩා බිඳ දමා
දේවත්වයෙන් සැලකූ
ප්‍රේමයද කැබලි කොට
තූ තූ කොට දමා
දෙවියන්ද ආගමද
අත්හල ඔබම
තව කොතෙක් දෑ
අතහරින්න වේදැයි ඇසීම
දෛවයේ සරදමක්ද?
නැතිනම් විහිලුවක්ද?
20/09/2016 at 10:31 am Permalink
ඔබේ නිසඳස ට කැමතියි. ප්‍රතිවිරුද්ධ අවසානයට වඩා කැමතියි.
03/11/2016 at 7:04 pm Permalink
බොහොම ස්තූතියි අජිත්.