කිරිගරුඬ පිළිමයක තොල්පෙති සිම්ඹාක් මෙනි පරිපූර්ණය ඒ තරමටම ලිහිල්ව නොයන මදහස මට මතක් වෙන හැම විට පළා යයි ඔබ මවෙතින් ආදරයේම වෙනත් දොරටු පෙන්වමින් ජීවිත කාලයක ආලය ඇතුළු වී යළි පිටව ගිය ඒ දොරටුද, තවත් කවුළුද සියක්,දහසක් හැරියද පිටව යා නොහැකි මා කැමති දොරටුව ඔබ කිරිගරුඩ පිළිමයක්ව ඒ ඇතුළත නිකරුනේ සිටින
Archive > November 2016
හදවතට සාහිත්‍යයික මූනිස්සම් එවන්න මං දන්නවා -මංජුල වෙඩිවර්ධන
හේ රවුල්කාරව, කුඩා ළමයකුගේ මෙන් වූ සිනහවෙන් යුක්තව මේ සංවාදය ඇරැඹියේ යැයි කිව නොහැකි ය. මේ අථ්‍ය අවකාශයක සංවාදයකි. 1997 දී ෂේන් මැකෙල්වි සමඟ පළ කළ ‘නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සියල්ලේම මූලයයි. ඉනික්බිති කාව්‍ය සංග්‍රහ හතක් පළ කරන්නට යෙදුණ මංජුල වෙඩිවර්ධන, 2000 වසරේදී ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා සංග්‍රහය නිකුත් කළේය. කතෝලික සභාව මැදිහත්ව එය […]
මතකය;
මුහුණ මත වැටි වැටී නලියන කොණ්ඩා කැරැල්ලක් මෙනි මතකය; කොතෙක් තිබූ තැන තැන්පත් කළද නුවමනා තැනම පතිත වන කිති කවන; විලවුන් බිංදු ඉසින; උන් හිටි තැන් අමතක කරවන
මා වැඩියෙන් ම පෙම් කළ ‘අය’ වෙනත් අය විසින් මරා දැමුණු පසුව:
පින් එක ගලවා ඔබේ හෘදය වස්තුවට විසි කළ අත් බෝම්බය දුටිමි සිරුර පමණක් ඉතිරිව හදවත කීතු වී යනු දුටිමි සමීපයේ සිටි හෙයින්ම ලොකු සහ කුඩා උල් යකඩ කැබලි පැල්ලම් ඇති කරමින්ම ගේ මුහුණේ සහ ළැම අවට හදවත නොමැති සිරුර වතුර වීදුරුවක පවා දැන් ගිලෙන පිදුරු ගස් පවා නොසැලකෙන ඕනෑම උසකින් වැටී මුහුදේම ගිලෙන පෙම් කිරීමේ […]
රෝස මල් පෙතිය; සුවඳය
වෙනත් නගරයක් අත්පත් කර ගැනීමට ගුවනින් හෙළූ බෝම්බය බසයක් පුරවා යැවූ මල් පෙතිය සුවඳ විලවුන්ය නගරයම අන්සතු විය දැන් ඔබේ ළඟත් මගේ ළඟත් රෝස මල් පෙතිය සුවඳය