කාක දූපත කුණු ඕජස් සහිත වමාරා කෑ සුවඳ ධූපය කොහිද? ක්ෂය වීද; දැල්වීමට දෙවොලකට දුන්නාද? වයර් උඩ කරව් කරන කාකයන් කොහිද? නුවර මාරු කර ඇතිද විදුලි සැර වැදී බිම හොත්ද? දැන් දැනෙන අමානුෂික නිහඬකම මරාගෙන මැරෙන; එහෙත් මුහුණට මුහුණ ඉදිරියට නො එන කළු පාට-අළු පාට කාක අවතාරද? එහෙම නම්; සුවෙන් නිදන්න තුඩ තුඩඟ පිළුණු නොදමන්න […]
Archive > December 2016
ඔබේ මෘදු ආදර හිත
සොරෙකුට ජීවිත දානය දුන්නාක් මෙනි මාව; ගිරි කුලෙන් පහළට හෙළන්නට නොදෙන ඔබේ මෘදු ආදර හිත පිරිමදින දින,සති,මාස,අවුරුදු කිහිපය මම කොහොම විසඳා ගන්නද ඇතුළෙත් ගැටය; පිටත් ගැටය; මිහිරක් ද මේ ජීවිතය මා නොදැන ළිං පතුළක වැටුණ සිහිල් දිය පිරී තිබුණා ඇත්තය ඒත් කවදාක ගොඩ එන්නද දිය බීම, පිහිනීම සුළු දේවල් ය අන් අයට මින් මැඳුරක වුණත් […]
මාව මරා දමන්න; ඔබ ඉල්ලයි
එහෙනම්; මමයි ඔබේ අලුගෝසුවා ඉල්ලන විටම ඔබව මරා දමන්න ලෑස්තිව සිටිය යුතු ලෝකයේ කිසිම මුල්ලක මට හිටගන්න තැනක් නැති විට ඇස් කැවෙන වේදනාවක ජීවිතය පුරාම දැවෙන විට පහනින් පහන දැල්වීමවත් නොකළ යුතු විට ඔබ ඉල්ලන්නෙ; ඔබව මරා දමන්න මට කියා වෙනම දිලිසෙන කුඩක්වත් නැති විට අඳුරුම ජීවිතයට ඉර එළියවත් නොඑන විට ඔබ ඉල්ලන්නේ අලුගෝසුවෙකු මගෙන් […]