සොරෙකුට ජීවිත දානය දුන්නාක් මෙනි
මාව;
ගිරි කුලෙන් පහළට හෙළන්නට නොදෙන
ඔබේ මෘදු ආදර හිත
පිරිමදින දින,සති,මාස,අවුරුදු කිහිපය
මම කොහොම විසඳා ගන්නද
ඇතුළෙත් ගැටය;
පිටත් ගැටය;
මිහිරක් ද මේ ජීවිතය
මා නොදැන ළිං පතුළක වැටුණ
සිහිල් දිය පිරී තිබුණා ඇත්තය
ඒත් කවදාක ගොඩ එන්නද
දිය බීම, පිහිනීම
සුළු දේවල් ය අන් අයට
මින් මැඳුරක වුණත් කම් නැත
තව කෙටි කලක් පිහින පිහිනා ඉමි මම
ළිං පතුළ භය උපදවන
කුමක් කියන්නද
දැන් තෝරා ගැනීම අවසන් ය
එක්කෝ ගිරි කුළය
මුදුනය
නැත්නම්
මහා ගැඹුරය
ගිලීමය
මට තෝරා ගන්න දෙන්න
සුළුව ලැබූ මේ ජීවිතය
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "ඔබේ මෘදු ආදර හිත"