Archive > January 2017

මේ සෙල්ලම;

ඔබට වුවමණා තරම සිදී ඇති මා උත්පාදනය කළේ යැයි වරදවා වටහා ගත් සුසුදු රැලි ගහන කෘත්‍රීම තඩාගය ඒ මා නොවේ; ඔබ සමඟ ගමන් ගිය වෙන අයෙක් ඔබ සමඟ මල් නෙළූ වෙන අයෙක් මල් කූඩය තවම මා සන්තක ඒත් ඒ මා නොවේ; මගේ මිටියාවතේ දඩයමට මිස, නරඹන්න කුරුල්ලන් නොවේ දැන් සිදුරු කළ නොහැක ඔබ සිදුරු සාදා [...]

Continue reading

හලාහල විස උනුන් මුව

වළ දමන්නැයි නො ඉල්ලා මිනී වළ කණින්නට ආයුධ පෙන්වන්නෙ ඇයි ඔබ සියල්ලට පෙර මරා දැමිය යුතුයි නේද ඔබව වස පොවන්න ද විස දමන්න ද සිර කරන්න ද ගෙළ ඒකත් තෝරා ගන්න ඉඩ හරින්නේ ද ඔබ ම මට තවත් විස මොකට ද අලුත් වස වැඩක් වේවි ද හලාහල විස උනුන් මුව තබා ඇත අප තව ටිකක් [...]

Continue reading

විකල්ප සාහිත්‍ය සයුරේ ගාලු කැළැඹීම

කල් වේලා ඇතිව ගියෙන් වෙනදා නොයන ප‍ටු පාරකින් මෙවර ගාලු කො‍ටුවට ඇතුළු වුණෙමි. සීතලය; මද පින්නක් සහිත සුළඟ ය; සමර ගොඩනැගිලිවල තැවරෙන්නට බලා සිටින උදෑසන අව්ව ය; මම ය. බයිසිකල්වලින් මන්දගාමී ගමනින් පාතරාසය ගෙනෙන්නට බේකරියට යන අය ය. පාට සිලි උරවල පාන් ඇතුළු වෙනත් සුළු කෑම ලාගෙන නැවත ගෙදර යන අය ය. ඒ අතර විදේශිකයෝ [...]

Continue reading

වලකටවත් වැටෙන්න

‘පාළු ළිං කටක් ඇතුළට කාටත් නොකී රහස් අත හරින්න කිසිදා නෑසූ ගී අසා නහය බර වෙන තෙ හඬන්න’ එහෙම උපදෙස් දුන් ඔබව මඟ යනකොට වලකටවත් වැටෙන්න

Continue reading

සබඳකම් එවැනිය

කලාලය රතු මේස් වඩා ගත්තෙන් නූස් පාවහන පතිත විය බිම ඇල්ම බැල්ම නොබලාම සබඳකම් එවැනිය; එකවර එක් දෙයක් උසම තැන සෙසු සියලු දෑ දෙවැනි,තෙවැනිව බැල්මකුදු නොලැබ ඒත්, ඔබේ ඇස ගැටෙන මානයේ නිතර පසු වන පයලා ගතැයි සිතන ඇගලා ගතැයි පතන සන්තක වෙතැයි සිහින දකින ජීවී-අජීවී බොහෝ දේ පවතින ඒත්, කිසි විට නොදකින ගල් වී අවසන්‍ [...]

Continue reading

ප්ලම් ගෙඩි කඩා විසි කරන

ඔබ ප්ලම් ගෙඩි කඩ කඩා ඉවත විසි කරන සිහිනයක මම අවදි වී මාරි බිස්කට්ටුවක් පොගවා කමි උණු තේ බදුනක බළලකු අලස ගමනින් රතු සිමෙන්තියේ ඇවිද යන උගේ කොට්ට පා මත දිලිසෙන කුඩක් දිස්වෙන ඔබ අයිස් කැටයක් දත් අගින් කොනිත්තා බලන අතර මම මළ කෑ ගේට්ටුව අසල දිය නාන්නට එන දෙමළිච්චන් ගණන් කරන ගණන් වරදින නැවත [...]

Continue reading

ආදරය ගසකින් වැටුණු කොළයක් සරිව

සපා කෑ දෙළුම් ඇට කිහිපයක් එතැන; මේස රෙද්ද උඩ උඩබැලිව අපිළිවෙලට ඉරා දමා කියවා වීසි කළ ලියුමක ශේෂයක් මේසය පාමුල තවම දැල්වෙන දුම් වැටිය කැන්වස් සපත්තුවෙන් පාගා මරා දමන්නට තැත් කළ ඒත්;තවම පණ අදින මම අවකාශයේ දුම් වළලු එකතු කරන මේ සියල්ලක ශේෂ ඔබ ඉතිරි කළ සඳහටම මා විනාශයට පත් කළ පෙම්වත; ආදරය ගසකින් වැටුණු [...]

Continue reading

කිතිය; ඔබ

කෙස් කළඹෙන් ඇදට වැ‍ටුණ ඊළඟ උදෑසන මගේ ඇසේ කැවුණ කුඩා රතු මල් පෙත්ත; මේ එහි සුන්බුන්ය සෙමෙන් දත් පහර තැබූ ඒ එහි අග කෙළවර මල්වර මධු බිංදුවක් ‍රැදුණ මුහුදු නිල් පාටට නිගා දෙන ඔබේ ඇස් කාචයේ දිලිසීම දැන් මා වල්මත් කරන හිස බුන් පිළිමයක් මෙන් මතකයෙත් නිදානව පවතින ඒ ඔබේ කිංකිණි මදහස සදාකාලිකව; කුඩා තානයකින් [...]

Continue reading

පීන පීනා ව්‍යාජ ටැංකියක

විසිතුරු මසුන් මෙන් පීන පීනා ව්‍යාජ ටැංකියක වයරින් කර ඇති වයර්වල නො ඇලී දිලිසෙන ලුමිනස් එළි බල්බ පසු කර මුහුදක් සිතින් මවා ගත හැකිය තවම මට නිතර කුරිරු ශබ්ද නඟන ඔක්සිජන් බට අතරින් දිය සෙවළ පිරුණු ගල්මල් කිහිපය උඩක ඔහේ වැතිර සිටියැකි අපි පීනූ කුඩා ඇළ බොරුවට සිතින් මවාගෙන ඒත්; ඒ මාළු අල්ලන කුඩා උගුලකට [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com