විසිතුරු මසුන් මෙන්
පීන පීනා ව්‍යාජ ටැංකියක
වයරින් කර ඇති වයර්වල නො ඇලී
දිලිසෙන ලුමිනස් එළි බල්බ පසු කර
මුහුදක් සිතින් මවා ගත හැකිය
තවම මට
නිතර කුරිරු ශබ්ද නඟන
ඔක්සිජන් බට අතරින්
දිය සෙවළ පිරුණු
ගල්මල් කිහිපය උඩක
ඔහේ වැතිර සිටියැකි
අපි පීනූ කුඩා ඇළ
බොරුවට සිතින් මවාගෙන
ඒත්; ඒ මාළු අල්ලන
කුඩා උගුලකට හසුවුණොත් විතරමයි අප
ඒත්; අපි තවම
ගන්දබ්බ ජීවිත
මැරුණා විතරමයි
ගිලී; පීනන්න නොදන්නාකමට
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "පීන පීනා ව්‍යාජ ටැංකියක"