වළ දමන්නැයි නො ඉල්ලා
මිනී වළ කණින්නට
ආයුධ පෙන්වන්නෙ ඇයි ඔබ
සියල්ලට පෙර
මරා දැමිය යුතුයි නේද ඔබව
වස පොවන්න ද
විස දමන්න ද
සිර කරන්න ද ගෙළ
ඒකත් තෝරා ගන්න
ඉඩ හරින්නේ ද ඔබ ම මට
තවත් විස මොකට ද
අලුත් වස වැඩක් වේවි ද
හලාහල විස උනුන් මුව තබා ඇත අප
තව ටිකක් ඉවසන්න
නිකරුණේ මිය යනු නියතය
අප දෙදෙන
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "හලාහල විස උනුන් මුව"