ඒක පුංචි දූපතක්. දූපතටම හිටියෙ එක පුරුසයයි. එයා සර්ප වෙදෙක්. හැබැයි මේ පුරුසයා ලෑලි කෑල්ලක් හේ කෙසඟයි. නිතරම කිව්වෙ ‘මං මේ සාමාන්‍ය මනුස්සයෙක් වෙච්චි; අපේ මී මුත්තා, කිරි කිත්තගෙන් ඉගෙන ගත්තු සිල්ප එහෙම ඇරෙන්ඩ වෙන යමක් නෑ ඔහේ’ කියලයි. දූපතේ හැම තැනම සරුසාරෙට වැඩිච්ච ප්‍රාණජීව, සප්සඳ, ඉරරාජ, වනරාජ, ගරුඩරාජ, පත්තරාජ වගේ බෙහෙත් පැළෑටි තිබ්බා. විස […]
Archive > February 2017
එවරෙඩි පූසා
‘මං දැන් එවරෙඩි පූසා වගේ’ දවසක් කෙනෙක් මට එහෙම කිව්වා. මං හිතුවා එයාව පූසෙක් වෙලා ඇති කියලා. ‘මියෑව්’ ගගා කටු නැති මාළු කූරි ඉල්ල,ඉල්ලා නිකං ලැජ්ජා වෙනවා ඇති කියලා. ‘මොන සමයංද අනේ ඔයාට? මං මිනිහෙක්නෙ. මාව කොහොමද පූසෙක් වෙන්නෙ? ‘මාව ගිනිකන වැටිලා’ කියලයි ඔයාට කිව්වේ. ඒ පාර මං හිතුවා එයා ගිනි කනවා කියලා. අනේ අර […]
නිදං•
‘ඇයි යකෝ තොපි හිතන් ඉන්නෙ මම හරකෙක් කියලද? හැම වෙලේම ගොම ඉල්ලන් එන්නෙ. අපේ ගෙදර ගොම නෑ යකෝ. මූසල හැත්ත. අර එහා ගෙදරින් ගිහින් අහන්න තොපේ දිවවල් නැවෙන්නැද්ද? හැම ලබ්බටම මෙහේම දුවං එන්නේ. ඇයි අපේ ගෙදර නෝනා හොඳ හින්දද මෙහෙ එන්නෙ. එයාට යකා නැග්ගොත් මෙන්න ගහන වලංවල සයිස් එක. එකයි; මළා. හොඳේ. උඹලට නැටි උස්සං […]
ජිනදාස; ආසාව විනාස කළ
ජිනදාස; ආසාව විනාස කළ නන්දාව වරා මලක් කොට උඩු හුළඟේ පාවෙන්න ඉඩ හැරිය සිංහලේ වෙළෙදාම; මුඩු බිමක මිලා’ධික මල් සිටවුව පොහොර ලන්නටවත් මුදල් නැති වුව කිසිදු පැළයක් ගලවා විසි නොකළ වරා මල් අල්ලා ගැට නොගැසුව ජිනදාස; කෘශව එහෙම්මම පැවතුණ අබලන් නිවසකට අලුත් පහනක් ඕනෑ බව සිතුව දල්වන්න තෙල් සන්තකව තිබුණ එහෙත් පහන පිරිසිදු කර තබන්නට […]
අල්මාරියට විසි කළ ලියුම්
නන්දාටත් වඩා බරපතලව අල්මාරියට ලියුම් විසි කළ ටැල්කම් පුයර ඉස ඉස ඒවාට නිරතුරු සුවඳ පැතිරුව කෙසඟ අතක රැදි වළල්ලක් මෙන් සියලු රහස් දනිමි මම ඔබ ඉකිබිඳින වේලාව ඔබ දුම්බොන වේලාව මාව මඟ හරින හෝරාව පරණ කඳුළු වේලන්නට කණ්ණාඩිය පිසින ඡායාව සියලු දේ මායාකර්මයක් සේ පෙනෙනවා මට අල්මාරියේ ලූ පසුව පුළුස්සා අමතක කර දැමූවා යැයි සිතූ […]
පිළිමය;
බටහිර දිය අගලෙන් මතුව සංරක්ෂණය කරන්නට යෙදුණා නොවේ ‘මම ඔබව නිම කළෙමි බාල මැට්ටෙන් ම’ * විශ්වකර්මයක් සේ රත්රන් කුඩක් ඉස වාත්තු කළෙමි පරිපූර්ණ මුහුණකින් නූස් සිහින් සිරුරකින් හදිසියේ පණ ලැබ සකපෝරුවෙන් මිදී පැන ගියෙහි ය නුවරුන් සමඟ වාසය උගහට ය පිළිමයක් සොයා ඇවිදීම උමතුම ය ඒත්; සොයා ගත යුතු කෙනෙකි අන්තිම පිරියමත් අවසන් කළ […]