බටහිර දිය අගලෙන් මතුව
සංරක්ෂණය කරන්නට යෙදුණා නොවේ
'මම ඔබව නිම කළෙමි
බාල මැට්ටෙන් ම' *
විශ්වකර්මයක් සේ
රත්රන් කුඩක් ඉස
වාත්තු කළෙමි
පරිපූර්ණ මුහුණකින්
නූස් සිහින් සිරුරකින්
හදිසියේ පණ ලැබ
සකපෝරුවෙන් මිදී
පැන ගියෙහි ය
නුවරුන් සමඟ වාසය උගහට ය
පිළිමයක් සොයා ඇවිදීම උමතුම ය
ඒත්; සොයා ගත යුතු කෙනෙකි
අන්තිම පිරියමත් අවසන් කළ යුතු හෙයින
බටහිර දිය අගලෙන් මතුව
සිහගිරිය නැංගේ වී ද
රත්රන් කුඩු කැවී
ජීවයට පැමිණී ද
පිළිමය; අනේ ඔබව මං සොයා ගත යුතු විට
පණ ලැබීම මොන තරම් අභාග්යක්ද?
*සමර විජේසිංහ ගේ කවියක එන්නකි.
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "පිළිමය;"