ජිනදාස; ආසාව විනාස කළ

16684651_10211071414114830_1565258202_n

ජිනදාස; ආසාව විනාස කළ
නන්දාව වරා මලක් කොට
උඩු හුළඟේ පාවෙන්න ඉඩ හැරිය
සිංහලේ වෙළෙදාම;
මුඩු බිමක මිලා'ධික මල් සිටවුව
පොහොර ලන්නටවත් මුදල් නැති වුව

කිසිදු පැළයක් ගලවා විසි නොකළ
වරා මල් අල්ලා ගැට නොගැසුව
ජිනදාස; කෘශව එහෙම්මම පැවතුණ

අබලන් නිවසකට අලුත් පහනක් ඕනෑ බව සිතුව
දල්වන්න තෙල් සන්තකව තිබුණ
එහෙත් පහන පිරිසිදු කර තබන්නට අමතක කළ
නන්දා; කෘෂිනාශක ඉස මරන්නට තැත් කළ වගා බිම
සුර පුරයක් බවට පත් කළ

පව් කළ අය අපායේ නොයන
කොහේවත් නොයන
පින් කළ අය සමඟම එකට ගැවසෙන
ඊටත් ටිකක් සතුටෙන් පසුවන
සමහර විට දත් පෙන්නා සිනාසෙන•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ජිනදාස; ආසාව විනාස කළ"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com