'මං දැන් එවරෙඩි පූසා වගේ'
දවසක් කෙනෙක් මට එහෙම කිව්වා. මං හිතුවා එයාව පූසෙක් වෙලා ඇති කියලා. 'මියෑව්' ගගා කටු නැති මාළු කූරි ඉල්ල,ඉල්ලා නිකං ලැජ්ජා වෙනවා ඇති කියලා.
'මොන සමයංද අනේ ඔයාට? මං මිනිහෙක්නෙ. මාව කොහොමද පූසෙක් වෙන්නෙ? 'මාව ගිනිකන වැටිලා' කියලයි ඔයාට කිව්වේ.
ඒ පාර මං හිතුවා එයා ගිනි කනවා කියලා. අනේ අර ලස්සන තොල් දෙක පිච්චිලත් ඇති කියලා හිතුවා. මං කිව්වා කෝ බලන්න කට ඇරලා පෙන්නන්න කියලා.
එයාට ඉතිං කේන්ති ගියා.
ආයෙ වරුවකින් කෝල් කරලා කිව්වා
'මං ආදරෙන් උමතු වෙලා ඉන්නෙ කියලා'
අනේ මට බය හිතුණා ඒයි!! උමතු අයව කසාද බන්දන්නෙත් නෑනෙ. එයාලව සංසුන් කරන්න ඉන්ජෙක්ෂන් ගහනවත් එක්කනේ. මං කිව්වා
'අනේ මට නම් බෑ ඒයි කියලා'
එයා ආයෙත් වරුවකින් කෝල් කරලා ඇහුවා මොනාද බැරි කියලා. මං කිව්වා මට කොට්ට උර මහන්න, මල් මහන්න එහෙම බෑ කියලා. එයා කිව්වා ඒකට කමක් නෑ, එයාටත් සමහර දේවල් බෑ කියලා. මම ඇහුවා මොනවද එයාට බැරි දේවල් කියලා.
එයා කිව්වා කොච්චර ට්‍රයි කළත් නාගීනා ඩාන්ස් එක දාන්න බෑ කියලා.
පිස්සු නේහ්? මොන නාගීනා ඩාන්ස්ද අනේ?
මං කිව්වා ඔයා පූසෙක් වුණා නම් මට හිත හදා ගන්න තිබ්බා, ඒත් දැන් ඔයාට නාගීනා නටන්න බැරි නිසා මම කොහොමද ප්‍රේම නොකර ඉන්නෙ කියලා.
එයා ආයෙ කතා කරලා 'මියෑව්' කිව්වා.
මාව ගිනිකන වැටුණා.
කාංචනා අමිලානි• පෙබරවාරි 25•
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "එවරෙඩි පූසා"