සම්බන්ධයක් නිර්වචනය කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් පාවිච්චියට නොගන්න වචනයක් මං පාවිච්චියට ගන්නවා. ඔව්; මේ සම්බන්ධෙට දැන් කියන්න පුළුවන් නිරවුල්ම වචනෙ ඒක. සමහරවිට• ඔබ හිතන්නෙ මේ කියන්නෙ එයා ගැන කියලා. නෑ.මේ කියන්නෙ එයා ගැන නෙවෙයි. මේක හරියට කතාවක් උඩ ලියපු තව කතාවක් වගේ. යට තියෙන කතාව හොයා ගන්න නම් ඔබට කරන්න තියෙන්නෙ උඩින් තියෙන කතාව […]
Archive > March 2017
චීනෙ•
අපි හිතුවෙ චීනෙට පැනලා යන්න. එහෙම නැත්නම් ජපානෙට. එයා චීන වචන 1112ක් දැනගෙන හිටියා. මම ඇත්ත ජපන් වචන 15000 කුයි බොරු වගේ වචන 122 යි දැනගෙන හිටියා. අන්තිමට අපි තීරණය කළා සර්පයෝ මරන් කන්නත් පුළුවන් නිසා චීනෙට යන්න. ඒත් මරපු සර්පයෝ කන්න වුණොත් මොකද කරන්නෙ කියලා තීරණයක් තිබ්බෙ නෑ. ‘ඔයාට අප්පිරියා නැද්ද සර්පයෝ කන්න? ගැරඩි […]
සති අන්තය•
මම මොනවා කරනවද ඔබ කවදාවත් නොඅසන කෝච්චියේ මොනවා වෙනවද ඔබ කවදාවත් නොසිතන අදත් පින්තූර ගත්තද ඔබට ඒවා වැඩක්ම නැතිවෙන ඔබ මොනවා කරනවද පැය 48ක්ම මම කල්පනා කරන වාහනේ යද්දි මං දීපු සිංදු අහනවද ඔබ කැමති සිංදු අහනවද මට නිතර අහන්න හිතෙන ‘අලුත් පින්තූර බැලුවද’ ඒ පණිවිඩය ලිය, ලියා යළි මකන හැම සෙනසුරාදාවකම- ඉරිදාවකම කල්පනා […]
මේඝලතා vs විජ්ජුලතා
කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු.▪️ මේඝලතා:- අපි ඔක්කොම හිටියේ අන්ත:පුරේ. ඔව්! ඔව්! කාශ්‍යප රජ්ජුරුවොන්ගේ අන්ත:පුරේ. දැන් මෙහෙමනේ වෙන්නේ. අවුරුදු තුනකට පාරක් […]
මට දැන ගැනීමට වුවමණා දේ•
ඔබ ලියුම් කියවන විදිහ: මේසයක් ළඟ; අඩක් එළියට ඇද්ද පුටුවක මදක් ඉදිරියට නැමීගෙන කකුලක් පුටුව මතට ගෙන හිස ලියුමට බර කරගෙන දෙතොල් මදක් විවර කරගෙන මද සිනාවෙන් කණ්ණාඩිය ගලවා නැවත දමමින් ඇගිලි තුඩු පොඩි කරමින් යළිත් ලියුම මේසය මත තබමින් ජනේලයෙන් එපිට බලා කල්පනාවක ගිලෙමින් එහෙමද? වැඩට යන අතරතුර කාරයේ එන්ජිම නිවමින් පාළු තැනක නැවතෙමින් […]