මට දැන ගැනීමට වුවමණා දේ•

16991897_10211239356593287_1684742417324684477_o

ඔබ ලියුම් කියවන විදිහ:

මේසයක් ළඟ; අඩක් එළියට ඇද්ද පුටුවක
මදක් ඉදිරියට නැමීගෙන
කකුලක් පුටුව මතට ගෙන
හිස ලියුමට බර කරගෙන
දෙතොල් මදක් විවර කරගෙන
මද සිනාවෙන්
කණ්ණාඩිය ගලවා නැවත දමමින්
ඇගිලි තුඩු පොඩි කරමින්
යළිත් ලියුම මේසය මත තබමින්
ජනේලයෙන් එපිට බලා කල්පනාවක ගිලෙමින්
එහෙමද?

වැඩට යන අතරතුර
කාරයේ එන්ජිම නිවමින්
පාළු තැනක නැවතෙමින්
හෙමින් වාදනය වන ගී පට නවතමින්
කෝපි උගුරක් බොමින්
පැති කණ්ණාඩියෙන් ඈත බලමින්
උදෑසන තැවරූ විලවුන් සුවඳ ඉව කරමින්
තොල් පියවා සිනාසෙමින්
එහෙමද?

සති අන්තයක
වයින් වීදුරුවක පතුල බලමින්
ආදරෙයි කියන්නේ නැතත්
නැතැයිද නොකියමින්
පරණ ඩෙල් ස්ටූඩියෝ සිංදු අසමින්
ලියුමේ වචන හිතට නොගියත් කියවමින්
අත් හැරුණු පෙම ගැන ළතැවෙමින්
ඒ අයට තවම ආදරෙයි කියමින්
ලියුමේ වාක්‍ය අතර ඇස් දුවවමින්
අඩක් නිද්‍රාවෙන් ඇස් පියවමින්
එහෙමද?
කියවන්නේ මං එවන ලිපි ඔබ?

ඒත් ඇත්තටම ඔබ:

වැඩ සහසක් අතරමඟ
දුක්බරම වලාකුළක් වාගෙ හිත සරසගෙන
ගඟට ඉණි කපන මගේ ගැන
මොකක්දෝ කරුණාවක් දරාගෙන
පිහාටුවක් වෙන්නෙත් නැති
පිළිකාවක් වගේ කරදර දී වැඩෙන
අවිනිශ්චිත යමක් ගැන හිතමින්
කියවා ඉවර කරන
මගේ ලියුම්
කවදාවත් මට මගේ ලේවලින් ලියන්න බැරි වුණ•

කාංචනා අමිලානි•පෙබරවාරි 25•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "මට දැන ගැනීමට වුවමණා දේ•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com