චීනෙ•

bb775949e925ecc0abb6c4e68eb8c7b3
අපි හිතුවෙ චීනෙට පැනලා යන්න. එහෙම නැත්නම් ජපානෙට. එයා චීන වචන 1112ක් දැනගෙන හිටියා. මම ඇත්ත ජපන් වචන 15000 කුයි බොරු වගේ වචන 122 යි දැනගෙන හිටියා. අන්තිමට අපි තීරණය කළා සර්පයෝ මරන් කන්නත් පුළුවන් නිසා චීනෙට යන්න. ඒත් මරපු සර්පයෝ කන්න වුණොත් මොකද කරන්නෙ කියලා තීරණයක් තිබ්බෙ නෑ.
'ඔයාට අප්පිරියා නැද්ද සර්පයෝ කන්න? ගැරඩි එහෙම? ඊයා නේද?'
'ඊයා තමයි. ඒ වුණාට අපිට යන්න වෙන තැනක් නෑනේ. යන්නෙ චීනෙට නම්, සර්පයොත් ඉන්නවා නම් කන එක නේද හොඳ?'
එයා ගෙදරින් අවසර අරන් තිබ්බෙ නෑ. ඒ වුණාට අන්තිම සෙනසුරාදා පත්තරේ ඇඩ් එකක් දාලා ඒක රටටම දැනුම් දෙනවා කියලා කිව්වා.
ඒක හරි ජාති වැඩේ නිසා මම ටක් ගාලා කැමති වුණා. අනික එයා අපි දෙන්නගෙම පින්තූරෙත් දානවා කිව්වා.
'බර ගාණක් යාවි නේද?'
මගෙනුත් ඒකට සල්ලි ඉල්ලයි කියලා හිතලා මං ඇහුවා.
'නෑ ඩාලිං, පොඩි ගාණයිලු යන්නෙ'
එයා එහෙම කියන ගමන් මගේ ඒ.ටී.එම් කාඩ් එක ඉල්ලුවා. මං කාඩ් එක දුන්නා බොරු නොම්මරේකුත් එක්ක.
'ඔයාට මාව සැකයි නේද?'
මම නෑ කිව්වා. ඒ වුණාට ඇත්ත නොම්මරේ දුන්නෙ නෑ.
මං සීතල කාලෙට අඳින්න ඇඳුම් කාරියත් අරගෙන, තඩි සූට්කේස්වල බඩු පුරවගෙන අර දැන්වීම පත්තරේ යනකන් බලාගෙන හිටියා.
දවසක් දැන්වීමක් ගියා එයාගෙ නමින්. හැබැයි මගේ පින්තූරෙ තිබ්බෙත් නෑ. චීන ගමන ගැන තිබ්බෙත් නෑ.
දැන්වීමයි•
චීනයට ගැරඩි සැපයිය හැකි ලාංකික කාන්තාවක් අවශ්‍යයි. බොරු ඒ.ටී.එම් කාඩ් සමඟ බොරු නොම්මර නොදෙන, සර්ප මාංශ අනුභව කිරීමට ප්‍රිය නොමැත්තියක විය යුතුය. විවාහ වී චීනයේ පදිංචියට යාමට කැමති විය යුතුය.
මං ඒකට ඇප්ලයි කළා. එයා අලුතින්ම මාව අඳුනා ගන්නවා වගේ මාව ඉන්ටර්වීව් කළා. ඇත්ත ඒ.ටී.එම් කාඩ් එකයි, බැංකු පොතයි, රහස් අංක ටිකයි මම දුන්නා. ඊට පස්සෙ අපි චීනෙ ගියා.
සර්පයෝ? නෑ. එහේ කවුරුත් එහෙම සර්පයෝ කන අය හිටියේ නෑ•

 

කාංචනා අමිලානි• මාර්තු 08•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "චීනෙ•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com