Archive > May 2017

වෙනදාට මල් හෙළූ ගස කොහිද•

වෙනදාට පය පාමුලට මල් හෙළූ ගස අඩකුඹු කරගෙනය දැන් තමන්ගේ හිස වෙනදාට ගස මුලට වතුර වක් කළ අත පොරවාගෙන ළමැද මැද හිරිවට්ටවාගෙන හැමදාම කුණාටුම රැගෙන ආ සුළඟ සුපුරුදුම ලෙස වෙලි වෙලී වෙනත් ගස් බද හැමදාම මල් හෙළූ ඒ ගස කොහිද? කාංචනා අමිලානි• මැයි 15•

Continue reading

ප්‍රේම ත්‍රිකෝණෙ•

එයා මට කතා කළා කතා කරන්න. ඒ වුණාට ඒ වෙලාවෙ බෑ කතා කරන්න. මං හිටියේ බඩේ අජීර්ණයක් හැදිලා. බඩ සහ කට අතර අනුලෝම හරි ප්‍රතිලෝම හරි සම්බන්ධයක් නැති වුණාට බඩේ අජීර්ණයක් එක්ක කාත් එක්කවත් කතා කරන්න බෑ. ඒක නියතයක්. අනික එයත් එක්ක නම් කොහොමටවත් බෑ. මං මේක අරයටත් කිව්වා. එයා කිව්වා ගුලි දෙන්නම් බොන්න; දෙහි [...]

Continue reading

ප්‍රියය; ඉවසීම ද එකවර පුපුරන මිනිස් බෝම්බයකි

ප්‍රියය; වැරැදිකරු කොහිද නින්දා ද-ප්‍රශංසා ද සම සේ මඟ හැරිය නෙළූ පලා ද; නතරව සිටි මුවන් ද අත හැරිය වැරැදිකරු කොහිද අත දිගු කර පෙන්වා සිටිය යුතු නොවෙද මිහිරි ය-සුගන්ධවත් ය මුව මුව පෙරා පෙවූ මීවිත සැහැල්ලු ය-මීදුම සපිරි ය මතක් කර කර ඔබ තනන සිපිරිගෙය මතු මහල ය-එක්ටැම් ගෙය ය තැනූ සියලු ඉණිමං කඩාගෙන [...]

Continue reading

ආයුධ බිම තබන්න; යටත් වෙන්න•

උදරය ද; උදරය තුළ වූ මාංශය ද සපා කෑ හැකි උල් දත් ද පීරි ගා බලවත් කළ නළ දත ද දැන් ගලවා ගත හැකිය සැහැල්ලුව කිඹුල් සමක් මෙනි වසරක් පාසා උසුලාගෙන ආ පව් ද, කිසි විට උපයාගත නුහුණු පින් ද, බරව; සැහැල්ලුවෙන් රැගෙන යා යුතුය සාංකාව කොතන වළ දැමුවාදැයි උන් වහන්සේ ද නොදත් සේක දැන් [...]

Continue reading

කිරිගරුඩ පිළිම ; පණ ඇතැයි කවුරුත් සැක කරන•

කෞතුකාගාරයක තබා පරිස්සම් කරන ඔබය ඒ; කිරිගරුඩ පිළිමය ඇස් පිල්ලම් අතර සිපුම් වෑහෙන ඒත්, තප්පරෙන් දෙකෙන් යළිත් සිහිසුන් වන හුස්ම නොවැටෙන තබාගෙන වමත ළය මත හෘදය ගැහෙන වාරය කටපාඩම් කරන රවුම් සහ කාල වර්ණ ඇස් සහිතව ‘මේ දෙතොල්; රත් දෙතොල් නරඹන්නැයි’ කියන මුව විදා සිනාසී නරඹන්නන් සිහිසුන් කරන ඔබය; ඔබමය ලස්සනම පින්තූරයේ උන්න සාමාන්‍ය මිනිස් [...]

Continue reading

දුම් දමන•

දුම් දමන තේ බඳුන දුමාරයේ ඔබ ඉන්න එතකොට භූතයෙක්ද ඔබ මගේ ඇතුළු හද ගැස්සෙන ඇලඩින් සහ පුදුම පහන සිහි වෙන ‘මං දුම් නඟන තේ පෝච්චිය’ සංවාදයක් අතරමඟ ඔබ දොඩන හැබෑටම; ඔබට පුළුවන් නිකංම නිකං වතුර රස කරවන්න අවර්ණ වතුරේ පාට ඇති කරවන්න ඔබ, භූතයෙක් යැයි බය හිතුණ ඉර බහින සමහර හැන්දෑවල මට මං ගැනත් සැක [...]

Continue reading

ද්‍රව්‍ය ඔබ සහ වෙනත් අය•

සමහර බඩුමුට්‍ටු ඔබ වගෙයි තාණ්ඩවයි ; කලබලයි; විසිතුරුයි හිටි ගමන් බිම වැටෙයි කෑලි සියයකට කුඩු වෙයි මං හිතන්නේ ඔබ මල් පෝච්චියක් වගෙයි වුවමණා මල් විතරක්ම වඩාගෙන ඉන්න පර වුණත් ඒවා විසි නොකරන වතුර ඉල්ලා නිතර කරදර දෙන ආයෙත් දවසක; මට හිතෙන්නේ, ඔබ කැබිනෙට්‍ටුවක් වගෙයි විසිතුරුම දේ හංගාගන්න පිරිමදින්නට ඕනෑ දේ එළිමහනේ තබන ඉර එළිය බිංදුවක් [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com