කවුළුවද; මුහුදු සුළඟට අවනතව පුරවා ගනී ලුණු සහිත තෙතබරිත බව රැහැයියකු ඕනෑවට එපාවට බෑගිරි තලන ඔවුන්ට වයන්නට ඉඩ හැර වයලීන, සැක්සෆෝනය සහ පියානෝව වාඩි වී බලා සිටියි සිටි තැනම විටෙක; වියළි කොළයක් හඬාගෙන බිම වැටෙයි මට දැන් මතක එපමණය පියවර ලක්ෂයක් පමණ ඈතින් සොවක් පමණක් ඔසවාගෙන ඔබ බරට ඇවිදිනු ඇසෙයි වඩා හොඳින් ඔබේ පියවර හඬ […]
Archive > June 2017
ආදරේ වුණත් පල රහිතයි
අසුන් පිට ද, පා ගමනින් ද, එනු ඇතැයි සිතුවාට ඒ එන්නේ අහසිනි පියඹාගෙනය, හූම් සද්දයකු ද නොනඟාය ඉතිං, ඇති දැන් පරෙවි පිහාටු එකතු කෙරුම මළ පරවියෙන් විසි කර බැද්දට ලේ වැකුණු අත් පිහදාගෙන බද එන්න එළියට, අත් ඔසවාගෙන යටත් වීගෙන, යටත් වීගෙන යනකොට ආදරේ වුණත් පල රහිතයි මතු ලෝකෙකට මැයි 23•
රැලි කැරකෙන රළු මුහුදක
දවස් ගණන් පාවි පාවී මුදු බද වට-හද තෙත නැති රැලි කැරකෙන රළු මුහුදක තල්ලු කර දමන්න මේ සිදුරු වූ ඔරුවෙන් මාව ‘ඔබ බේරී යන්නැයි’ මම කරත්තයෙන් නොබසින එපා යැයි කියා සම්, මස් ඉරා, පිටුවහල් කළ යුතුය මම; අන්න එහෙම මුල් කාලය ඒ ඉතා දුෂ්කර පුහුණු සමය නුපුහුණු ප්රේමකාරක සියොළඟ ගැල්විය යුතු දැල්විය යුතු සියලු සුගන්ධම […]
මට සමාවෙන්න;
මට සමාවෙන්න; මී අඹ ගසක ඇඹුල් රස ඇතිව හට ගත්තාට පැහැය ද; පෙනුම ද; රවටන සුළු වූවාට ඇසු ඇසූ දන රස දනිතැයි සිතූ දන කියූ කියූ කතාවක ‘කොහොම ඇඹුල වෙන්නද ඒ මී අඹ ගස’ මට සමාවෙන්න; ඇඹුල වෙතැයි සැක කර පොහොර ද; වතුර ද වැඩි වැඩියෙන් දමන්නට බල කළාට වතුරෙන්, පොහොරෙන් මීරි මී රස ගනු […]
අන්ධයි•ආලය•
කාටවත් බෑ කාවවත් හොරකම් කරන්න. මොකද ‘කාවවත්’ කාටවත් නොපෙනී අරගෙන යන්න බෑ. අපි කාවහරි හොරකම් කරගන්න හදනකොටම මුළු ලෝකෙටම ඒක පේන්න ගන්නවා. ඒක වෙන්නෙ මෙහෙමයි. සරලයි, හැබැයි පැටලිලි සහගතයි. මනුස්ස ශරීරයක් හොරකම් කිරීම බරපතල වුණාට හොරකම සිද්ධ වෙන්නේ ශරීරාංගය බැගින් නිසා වැඩේ ඒ තරම් බරපතල නෑ. දැන් බලන්න මුලින්ම ඇස් දෙක. කවුරු හරි හොරකම් කරගෙන […]
උපන් ලප 12•
මං හිටියේ සිවිලිම උඩ. ඒ වෙනකන් අවුරුදු 6-7ක්ම වගේ කොස් ඇට එකතු කරපු එකයි කළේ. මගේ ළඟ කොස් ඇට බරණි 15ක් විතර තිබ්බා. ඒකෙනුත් බරණි 8ක් විතර අටු කොස් දාලයි තිබ්බේ. ව්‍යාපාරිකයෙක් වෙන්න මට කවදාවත් ඕනෙකමක් තිබ්බෙ නෑ. ඒත් සිවිලිමයි, කොස් ඇටයි නිසා නිකංම මං ව්‍යාපාරිකයෙක් වුණා. මුලින්ම කොස් ඇට එකතු කරන්න ගත්තේ නිකං විනෝදෙට […]
එකම මල්ය; තම්බපණ්ණිය ය
වෙනත් නම් ඇති මල්ය ඒත් හොඳටම දන්නා සුවඳමය විලවුන්ය; පුයරය නුවර, නුවරුන් මඟ හැරෙන එක අරුමය විජිණි පත්ය; අත් ලේන්සුය ඒත් දාහය බුර බුරා ඇවිලෙන්නේ සපා කාමිනි ඇඟ මස අනතුරු හැඟවීම්ය; අන්ත්‍රාවයි බෝඩ්ය ඒත් බිමට පනින්නේ බිල්ඩින්ය; කඳුය හප හපා කෙසඟ සිරුරු එකිනෙක දෙස් දෙවොල්ය; කඳුළු කුට්ටිය ඊළඟ එපිසෝඩය එනතෙක් ජීවමානය වෙනත් නම් ඇති ගන්ධය […]