වයර්•

3c6037234439c86e6a6e3345746c4644

'මේක මහා වංචාවක්'

ලෑන්ඩ් ෆෝන් එකක රිසීවර් එකත් එක්ක තියෙන වයර් එකක් මගේ බෙල්ලෙ එතෙනවා වගේ එකක් මට තේරුණා.ඒ වයර් එක දිගේ කේන්තියෙන් හෙලපු හුස්මකුත් ඇවිල්ලා වම් කණේ වැදුණා.
මට බය හිතුණා ඒයි!!
මොකෝ මං වංචාවක්නෙ කරමින් හිටියේ.එහෙම වංචා ලෝකෙ මීට කලින් වෙලා තියෙනවා.ඒ නිසා මේක මම අලුතින් හොයා ගත්ත එකක් නෙවෙයි.
ඉතිං මං සන්සුන් වුණා.

'ඔයා කොහොමද කියන්නෙ මං වංචාවක් කරනවා කියලා?'

ප්‍රශ්න අහනෙකේ වැරැද්දක් නැහැනේ.මං ඕන එකක් වෙන්න කියලා ප්‍රශ්නයක් ඇහුවා.මගේ වම් කන ළඟ දඩෝං ගාලා මොකක්ද පිපුරුණා.පුදුම පිස්සුවක් අනේ.මගේ කන නෑහී යන්නෝනා කියලා රිසීවරේ ළඟට කරලා තුන්හුලස් රතිඥ්ඥයක් පත්තු කරලා.කොහොම ආවද මන්දා, දුම් ගොඩයි මගේ ළඟ.ඒ මදිවට වෙඩි බෙහෙත් ගඳ.

'මෙන්න මිනී මරනවෝ!'

මං කෝකටත් එහෙම කියලා කෑ ගැහුවා.කවුරුත් ආවේ නෑ බේරගන්න.අනික ෆෝන් එකක් කනේ ගහගෙන එහෙම කෑ ගහන එකේ කිසි තාත්වික බවක් තිබ්බෙ නෑ.මං ෆෝන් එක තිබ්බා.ආයෙ රින්ග් වුණා.
ආයෙත් අර වෙඩි බෙහෙත් ගඳ.දඩයමේ යන මිනිහෙක්ද මන්දා!!

'මං උඹව මරනවා'

'ඔයා මං අර කෑ ගහපු එක අහන් හිටියා නේද? දැන්ම මරන්නෙපා,මම නාගෙන,තේ බීලම එන්නම්.අනික ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ.'

ඒ පාර එහා පැත්තෙන් මල් සුවඳක් ද,ෂැම්පු සුවඳක්ද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි සුවඳක් ගලාගෙන ආවා.මේවා මේ වයර් දිගේ එන එකනෙ ඒයි පුදුමේ!!! කාටවත් කිව්වට විස්වාසෙට ගන්න එකක්වත් නෑ.මම හිතන්නෙ ලෑන්ඩ් ෆෝන් එකේ වයර් එක දිගට,දිගට ඇදගෙන එයා නාන්න ගිහින්ද කොහෙද.
ඒකයෑ,කියලා යන්නෙපෑයෑ.මං හිතුවා.
එයා නාන්නෙ උණු වතුරෙන්.අපේ ජනෙල් වීදුරුවේ මීදුමක් බැදෙන්න ගත්තා.
මං රතිඥ්ඥාවෙන් ආපු වෙඩි බෙහෙත් ගඳ යන්න එයාර් ෆ්‍රෙෂ්නර් ටිකක් එහෙට-මෙහෙට විද්දා.
ආ...ඒ අතරේ උණු වතුරෙන් එන රස්නෙ ඉවසන්න බැරිකමට ෆෝන් එක තිබ්බා.
ආයෙත් ෆෝන් එක රින්ග් වුණා.මම ආයෙත් 'හෙලෝ'කිව්වා.

'ඔයා කොහොමද තුන් හතර දෙනෙකුට ආදරෙයි කියන්නේ?මල් යවන්නේ?මුදු දාන්නේ?'

'ඉතිං කොහොමද අහන්නේ,මම දන්නෑ.එක එක වෙලාවටනේ ඔයාලව මුණ ගැහෙන්නේ.මට තේරෙන්නෑ වෙලාවක් කියන්න.අනික අපි මොකටද මෙහෙම තරහ වෙන්නේ?ඇයි ඔයා මගේ කන නෑහී යන්න කියලා ෆෝන් එකෙන් රතිඥ්ඥා එවන්නේ?ඒක හරි කරදරයිනේ.බලන්නකෝ අපේ ගේ පුරාම වෙඩි බෙහෙත් ගඳ!!'

'මේක හරියන්නෑ.ඔයා හිතක්,පපුවක් නැති අමනුස්ස දුවක්.අඩුම තරමින් පළිගැනීම ගැනවත් ඔයාට තේරුමක් නෑ.මට ඕනා ඔයාගෙන් පළිගන්න.
ඉතිං ඔයා බය වෙන්න!!!'

අනේ මට බය හිතුන්නෑ ඒයි!!

කාංචනා අමිලානි• ජූලි 16•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "වයර්•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com