පහසුය පැවතීම
ගඟකට වුව
පතිත වන තුරුම
ගසක්
කළඹා ගං දියට
පොරව ඔබ සතු නොවූව ද
කපා හෙළූ අය හඳුනන්නේ වුව ද
පිළිතුරක් නොතිබිය හැකිය
ගඟ පසුකර යන සියලු දෙන
මල් මිටි විසි නොකළා විය හැකිය
ගඟක් ව ඔබ;
ගල ගලා පැවතීමේ නියමය
මිහිරි මොහොතක අමතක නොකළ මැන
ගඟ නොදුටුව
ඉතා කුඩා මල් ද; පොහොට්ටු ද;
තෘණ ගොමු ද; කෘමි ජනපද ද;
ඒ අසලම
පෙනී-නොපෙනී
දැවටෙමින්
සිටිනු ඇත
පැවතීම සහ නතර වීම
එකක් හෝ දෙකක් වීම
විස්මයකි
මේ ජීවිතය ද
එතරම් ම විස්මයකි
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "ගඟක් ව ඔබ;"