මම ඇස් පියාගෙන හිටියේ. එයා ළඟින් ආවේ අමුතු පර්ෆියුම් සුවඳක්. හැම තැනම අඳුරුයි. ඒත් ලයිට් කණු කිහිපෙකින් පොඩි එළියක් විහිදුණා. මට ඕන වුණේ එයාගෙ හැඩරුව බලාගන්න. කෝ කොහෙද මාව සාක්කුවෙන් එළියට ගත්තෙම නෑනෙ. ඒ අතරේ මාව නොනැවතීම වයිබ්රේට් වෙන්න පටන් ගත්තා. හා…ඔය මාව මතක් වෙලා තියෙන්නේ. අමොර් ගෙ ෆෝන් එකෙන් ඉබන් කෝල් ගන්නවා. මම කොහෙද […]
Archive > April 2018
ඩමියයි-මමයි
‘කෝ මගේ දුඹුරු පාට කොඩ්රොයිල් කලිසම?’ එයා බාගෙට ඇඳගෙන ගේ පුරාම දුවනවා. රැවුල කපලා හරියට මූණ හෝදගෙනත් නැද්ද මන්දා. බෙල්ලෙයි, උරහිසෙයි රැවුල් කොට. ඒ මදිවට ඉරිච්ච බැනියමක් ඇඳගෙන. එහාට-මෙහාට පැනලා වඩිගපටුන නටලා එයා කොඩ්රොයිල් කලිසමයි, සුදු පාට කපු කමිසෙයි ඇඳ ගත්තා. එතකොටම තමයි මාව වයිබ්රේට් වෙන්න පටන් ගත්තෙ. ස්ක්රීන් එකේ ‘අමොර්’ කියලා නමකුයි හින්දි නිළියෙකුගෙ […]
ඇවකාඩෝ හදවත
“ඇවකාඩෝ 0.2 අමතන්න; අමතන්න. අපි ඔබේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අමතන්න; වහාම අමතන්න.” මාව ගැස්සිලා ඇහැරුණා. හදිස්සිය කොයි තරම්ද කියනවා නම් 5.30 ට සද්ද කරන්න ඕනා එලාම් එක 5.10 ට සද්ද කළා. පාන්දර 5.00 ඉදන් 6.00 වෙනකන් එලාම් 10 ක් විතර තියලා තියෙන නිසා හොඳයි. මට වැරැදුණා කියලා කාටවත් තේරුණේ නෑ. මමත් හෙමිහිට අතපය අකුලගෙන ආයෙ […]
වර්චුවල් මල්
එයා හිටියෙ ෆෝන් එක ඇතුළේ. ඉඩ නෑනෙ වැඩිය. ඉතිං සර්පයෙක් වගේ දගර ගහගෙන තමයි උන්නේ. ඒත් මම කතා කරපු ගමන් දුවගෙන එනවා. ඒක වෙන්නෙ මෙහෙමයි කියලා පහදන්න මට බැහැ. ඒ වුණාට මට අනුමානයෙන් කියන්න පුළුවන්. ෆෝන් එක ඇතුළ නිකන් සපත්තු පෙට්ටියක් වගේනෙ. වැඩිය වයර් ජාති නැති වුණාට තඹ තහඩු කීපයක් තියෙනවා. ඒවා දියසෙවල බැඳුණු පාටයි. […]
ඊට පස්සේ ….. බීප්!!! බීප්!!!
එයා මං ගැන හිතන්නෙ කොහොමද? එයා හිතනවයි කියලා මම හිතන්නේ මොකක්ද? මේවා අලි විසාල පටලැවිලි සහිත දේවල්. ඒත් මගේ බැටරිය නිවිලා යන්න කලින් මේ දේවල් කොහේ හරි ලියලා තියන්න ඕනා. එදා සිකුරාදා දවසක්. මේසෙ උඩ උඩුබැලියන් අතට වැටිලා නිදාගෙනයි මම හිටියේ. බැටරිය සීයට 24යි තිබ්බේ. පවර් සේවින්ග් මෝඩ් එකටවත් මාව මාරු කරන්න එයාට සිහියක් නෑ. […]
ඇපල් ගෙඩියක බයිනරි ශක්තිය
හැම තප්පර දෙකකටම පාරක් ම ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා. පණිවුඩ එකක් පිටිපස්සෙ ඒකට ම අදාළ අනු පණිවුඩ 20–30ක් පෝලිමට හිටගෙන ඉන්නවා මට පෙනුණා. සමහර පණිවුඩවල තිබ්බ නො ඉවසිලිමත් ගතිය මට පෙනුණා. ඒවා තමන් දාගෙන ඉන්න සනීප සපත්තු පවා හොලවනවා මට පේන්න ගත්තා. නො ඉවසිල්ලෙන් නැවෙන-දිගෑරෙන කමිස අත් දිහාව මම බලාගෙන හිටියා. මේසයේ කෙළවරට තට්ටු […]
එකයි බිංදුවයි එකයි•
මම හිටියේ උකුල උඩ. ඒක හරිම සුවපහසු ඉරියව්වක්. කෙනෙක් වෙනුවෙන් මුළු හදින්ම කැප වෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති. ඒක වැහිබර ඉරිදාවක්. සමහර ඉරිදාවල මට කරන්න වැඩක් නැතිම තරම්. සතියේ දවස් නම් එහෙම නෙවෙයි. උදේ 6.00 ට ලැබෙන නොනවතින තෙරපුමක් එක්ක කෑ ගහගෙන මට නැගිටින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ඉතිං එක සීරුවට වැඩ. “එලාම් එක ඕෆ් […]